gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

එංගලන්තයේ සිට පැමිණ සැප ඉල්ලා ගුවන් තොටේදී පිස්සු කෙලියේ කිරිඇල්ලගේ බැරිස්ටර් පුතාද..

පසුගියදා එංගලන්තයේ අධ්‍යාපනය හදාරා මෙරටට පැමිණි පිරිස අතර මාගේ පුතා ද සිටි බවත් ඔහු ගුවන්තොටුපළේදි කළහකාරී ලෙස හැසිරුණා යැයි පළ වී තිබූ පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප‍්‍රකාශ කළේය.

අද දින කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේය.

මෙම ව්‍යාජ පුවත් සම්බන්ධව පොලිස්පතිතුමාට පැමිණිලි කළ බවත් ඉදිරියේදි ඒ පිළිබඳ පරීක්ෂණ කටයුතු ආරම්භ වනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙහිදි සිද්ධිය පිළිබඳ අදහස් දැක්වූ හිටපු මන්ති‍්‍රතුමන්,

දින කිහිපයකට ඉහතදී සමාජ මාධ්‍යන්හි පුවතක් පළ වී තිබුණා එංගලන්තයේ ශිෂ්‍යයන් ලංකාවට රැුගෙන ආ ගුවන් යානයේ මගේ පුතා ද සිටි බවත් ඔහු ගුවන්තොටුපලෙහි කළහකාරීව හැසිරුනු බවටත් පුවත් පළ වී තිබුණා. මෙය සම්පූර්ණයෙන්ම ගොතපු අසත්‍ය කථාවක්. මගේ පුතා එංගලන්තයේ බැරිස්ටර් විභාගය සමත් වී ශී‍්‍ර ලංකාවට පැමිණියේ පසුගිය වසරේ අගෝස්තු මාසයේ. ඔහු දැන් නීතිඥවරයෙක් වීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටිනවා. ඔහු දේශපාලනයට සම්බන්ධ නැහැ. මගේ මැතිවරණ කටයුතු සඳහාවත් ඔහු සම්බන්ධ වන්නේ නැහැ.

මෙම ව්‍යාජ පුවත් පළ වූ සැනින් විපක්ෂ දේශපාලන කරන අයගෙන් ඉතාම අසභ්‍ය පණිවිඩ ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට පවා එවා තිබුණා. මෙවැනි ව්‍යාජ පුවත් අහිංසක ජීවිත ගතකරන අයට දැඩිව බලපානවා. කිසිම සම්බන්ධයක් නැතිව සිදුකරන මෙවැනි කි‍්‍රයා අමනුෂ්‍ය කි‍්‍රයා. පහරදෙනවානම් මට පහර දෙන්න. මගේ අඩුපාඩු තිබෙනවානම් ඒවා පෙන්වන්න. මා ඒවා භාරගැනීමට සූදානම්. මේ ව්‍යාජ පුවත් සැකසූ අය කෙතරම් පහත් තත්වයක සිටියාද කිවහොත් සමාජ මාධ්‍යන්හි ඇති අපගේ පුද්ගලික ගිණුම්වලින් ගත් දරු මුණුපුරන්ගේ ඡුායාරුප පවා පළකර තිබුණා.

මෙම ව්‍යාජ පුවත් පාලනය කිරීම අපට විතරක් නෙමේ ලෝක ප‍්‍රජාවටත් බලපාන ප‍්‍රශ්නයක්. මේ සම්බන්ධව පොලිස්පතිතුමාත් පැමිණිලි කළා. මං විස්වාස කරනවා ඉදිරියේදි ඒ පිළිබදව පරීක්ෂණ කටයුතු සිදුවේවි කියා.

– midea unit
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka