gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පුද්ගලයෙකු ගිනිතබාගෙන සියදිවි හානිකර ගනී…

යාපනය අලවෙඩ්ඩි ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඊයේ (04) දින සිය සිරුරට භූමිතෙල් වත්කොට ගිනිතබාගෙන සිය දිවිහානි කොට ගෙන ඇති බවට යාපනය පොලීසිය පවසයි.

අදාල පුද්ගලයා සිව්දරු පියෙකු වන අතර ඔහු මාරාන්තික රෝගයකින් පෙලීම හේතුවෙන් කලක සිට සිය දරුවන්ගෙන් හා බිරිඳගෙන ඈත්ව යාපනය අලවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචිව ඇති අතර දරුවන් කිලිනොච්චිය ප්‍රදශෙයේ පදිංචිව ඇත.

පැවති ඇඳිරිනීතිය හමුවේ මිය ගිය පුද්ගලයාට තම දරුවන් බැලීමටද යාමට අවස්ථාවක් නොලැබී ඇති අතර අසනීපයත් සමග වූ  සිත්තැවුල හේතුවෙන් ගෙවත්තේ ස්ථානයකට ගොස් මෙසේ සිය සිරුරට භූමිතෙල් වත්කොට සියදිවිහානි කොට ගෙන ඇත.

සිරුරට ගිනිතබා ගැනීමෙන් පසුව අසල්වාසීන් විසින් ඔහු යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කරනු ලැබුවද ඒ වන විටත් මිය ගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ 60 හැවිරිදි සෙල්ලතුරෙයි ඇන්තනී නැමති අයෙකු බවට පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka