gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මේ වෙලාවේ අලුත් ක්‍රීඩා පිටි ඉදිකිරීමට යාම විහිළුවක් - රොෂාන් මහානාම

රට මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දී තිබෙන මෙවැනි දුෂ්කර අවදියක අපිට ඇති වන්නට ක්‍රිකට් ක්‍රීඩාංගණත් තිබියදී මිලියන ගණනක් වියදම් කර අලුතින් ක්‍රිකට් ක්‍රීඩාංගන ඉදි කරන්න යාම විහිළුවක් බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු හා ICC තරග තීරකවරයෙකු වන රොෂාන් මහනාම ශ්‍රී ලංකා මිරර් වෙත පැවසීය.

"මේ වන විට ලොව බොහෝ රටවල් දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘති පවා අත්හිටුවලයි තියෙන්නේ. ශ්‍රී ලංකාවට ඇතිවෙන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටි තියෙනවා. ඒවා අවුරුද්දේ වැඩි කාලයක් නිකම් වහලා දාලයි තියෙන්නෙ. ක්‍රිකට් ආයතනය කියනවා මෙය ඉදිකරන්න යන්නේ ණයක් අරගෙන කියලා. හම්බන්තොට ක්‍රීඩාංගණය හදන්න වියදම් කරපු මිලියන ගණනක් තවමත් ගෙවන්න තියෙනවා.

අපිට කියන්න තියෙන්නෙ මේ වෙලාවේ එවැනි නාස්ති නොකර අපේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කරන්න හොද වැඩපිළිවෙළක් යොදන්න කියලයි. ක්‍රිකට් ක්‍රීඩාවට සෘජුවම හා වක්‍රව සම්බන්ධ බොහෝ දෙනෙක් මේ වෙලාවේ අසරණ වෙලයි ඉන්නේ එයාලව බලාගන්න එකත් වැදගත්." යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka