gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මුල්ලිවයික්කාල් කොටි සැමරුම් නෑ

යුද්දය හේතුවෙන් මිය ගිය වැසියන් සමරා මුලතිව් මුල්ලි වයික්කාල් සැමරුම් භූමියේ මැයි 18 දින කිසිදු සැමරුම් උත්සවයක් මෙවර සිදු නොකෙරෙන බවටත් කොරෝණා වයිරස් අවධානම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති හෙයින් නිවසේ සිට මිය ගිය වැසියන් සමරන ලෙසට මුල්ලිවයික්කාල් මිය ගිය අයගේ  ඥාති සංගමය විසින් එම ජනතාවගේ ඉල්ලීමක් කොට ඇත.

මුල්ලි වයික්කාල් මුහුදු තීරයේ ඉදිකොට ඇති සැමරුම් ස්මාර්කයන් හා භූමියද මේ දින වල දැඩි පාලු ස්වරූපයක් ගත්තද යුද්දෙන් පසුව සෑම වර්ෂයකම අති උත්සවාකාරයෙන් මුල්ලිවයික්කාල්හි අවසන් යුද්දයෙන් මිය ගිය මහවිරුවන් ඇතුලු සාමාන්‍ය ජනතාව සැමරීම සිදු කරන ලදි.

මුලතිව්හි පැවත්වීමට නියමිතව තිබූ සියලුම යුද සැමරුම් උත්සවයන් නොපවත්වන ලෙසට පොලීසිය හා ආරක්ෂක අංශ විසින් දැනුම් දීමටද පියවර ගෙන ඇති අතර කණ්ඩායම් වශයෙන් රැස්ව යුද සැමරුම් සිදු කරන්නේද යන්න පිළිබඳව සෙවීම සඳහාද ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.

කෙසේ නමුත් අවසන් යුද්දයේදී මිය ගිය වැසියන්ගේ ඥාතී සංගමය විසින් මුල්ලි වයික්කාල්හි නැවත පදිංචි වැසියන්ගෙන් ඉල්ලා ඇත්තේ අවසන් යුද්දයේදී මිය ගිය හා තුවාල ලැබූවන් සිහිපත් කිරීම් ස්ථාන වශයෙන් රැස් නොවී නිවසේ සිට හෝ පහනක් දල්වා මල් පූජා කොට එම පිරිස් වෙනුවෙන් උපහාරයක් දක්වන ලෙසටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka