gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

IOC යන්න එපා එහෙ වැඩී... CPC යන්න එහෙ ලාබයි - බන්දුලගෙන් ජනතාවට උපදෙස් !

ජාත්‍යන්තර වෙළඳපොලේ බොරතෙල් මිල අඩු වුවද රටතුළ ඉන්ධන මිල අඩු කිරීමට නොහැකි වී ඇත්තේ ඛනිජ තෙල් නිතීගත සංස්ථාව කෝටි ප්‍රකෝටි ගණනක ණය කන්දකට යටවී ඇති නිසා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. බොරතෙල් මිල අඩුවීම හේතුවෙන් රජය විසින් අත්කර ගන්නා ලාබ සියල්ල එම ණය පියවීම සඳහා යොදවන බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

ඒ අනුව රජයට ලැබෙන වාසිය විශේෂ ගිණුමක තැන්පත් කරන බවත් ඒ සඳහා රුපියල් බිලියන 200 ක මුදලක් එකතු කර ගැනීම රජයේ අරමුණ බවත් ගුණවර්ධන මහතා පවසනවා. එම අරමුදල හරහා සංස්ථාව ලබා ඇති පාඩුව පියවා ගැනීමට හැකිවන බවත් ඉන්පසු ඉන්ධන මිල අඩුවීමේ වාසිය ජනතා වෙත ලබාදීමට සූදානම් බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

මෙම වසර තුළදී කිසිදු ඉන්ධන මිල සංශෝධනයක් ක්‍රියාත්මක නොවන බවයි ඔහු පවසන්නේ. බොරතෙල් මිල කෙතරම් වැඩි වුවද ඉන්ධන මිල වැඩි කිරීමටද රජය කටයුතු නොකරන බව ඇමතිවරයා සඳහන් කරයි.

රටපුරා පැතිර ඇති ඉන්ධ අලෙවි හල් ජාලයක් පවතින්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව බැවින් වෙනත් ආයතනවල මිල වැඩි නම් එම ආයතන අත්හැර රජයට අයත් ඉන්ධන හල් මගින් ඉන්ධන ලබා ගන්නේ නම් ජනතාවට කිසිදු ගැටලුවක් නොමැති බවයි බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරන්නේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka