gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රටම සූර් වෙන්න ඇරලා රාජිතව ඇතුළට ගත්තා - අසේල සම්පත් - (video)

ටම සූර් වීමට ඉඩ හැර රටම සුවපත් කළ සුවපති රාජිත සේනාරත්න මහතාව රක්ෂිත බන්ධනාගාර ගත  කිරීමට  ආණ්ඩුව කටයුතු කර තිබෙන බව මහජන අයිතීන් සුරැකීමේ පදනමේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසයි.

රාජිත සේනාරත්න මහතා කළ සේවය සලකා යම් සානුකම්පිත බවකින් කටයුතු කිරීමට ආණ්ඩුවට ඉඩ තිබූ බවයි ඔහු සඳහන් කරන්නේ.
තමන් එසේ ප්‍රකාශ කරන්නේ මේ වන විට කොරෝනා වෛරසය මාස දෙකක් වැනි කාලයක් තුළ රටේ ව්‍යාප්තිය පාලනය කරගැනීමට හැකි වූයේ රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ඇමතිව සිටියදී සෞඛ්‍ය සේවාවේ මානව සම්පත මෙන්ම අදාළ යටිතල පහසුකම් ලබා දීමට නොපැකිළව කටයුතු කිරීම නිසා යැයි අසේල සම්පත් මහතා කියා සිටියි.

රාජිත සේනාරත්න මහතාට මෙවන් දෙයක් සිදු වූයේ යහපාලන ආණ්ඩුව රක ගැනීමට යාම නිසා බවද ඔහු සඳහන් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka