gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘රෝගීන් අඩුවෙනවා.. සතියෙන් කොරෝනා අවසන්… එකම උදවුවක් කරන්න..’- රටේම කොරෝනා සාම්පල පරීක්‍ෂා කරන ප‍්‍රධාන දොස්තර කියයි.. [Video]

නව කොරෝනා වෛරසය ආසාදනය වේ යයි සැක සහිත පුද්ගලයන්ගේ ජීව සාම්පල පරීක්ෂාවේදී රෝගීන් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබෙන බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

පසුගිය දිනවල ජීව සාම්පල අසූවක් අනූවක් පරික්ෂා කරද්දී කොරෝනා රෝගීන් හය හතක් තහවුරු වූ බවද පැවසූ ඔහු නමුත් ඊයේ දිනය සාම්පල හැටක් පරීක්ෂා කලද තහවුරු වූයේ රෝගීන් එක් අයෙක් පමණක් බවද ඔහු පැවසීය.

රෝගය රජයේ උපදෙස් පරිදි කටයුතු කරමින් අවශ්‍ය පුද්ගලයන් නිසි පරිදි නිරෝධායනය වන්නේ නම් තමන් විසින් බෝ නොකරගෙන සිටින්නේ නම් මෙම ප්‍රශ්නය සතියකින් විසඳාගත හැකි තත්ත්වයක ඇති බවද ඔහු සඳහන් කළේය.

උපක්‍රමශීලීව උපායමාර්ගිකව කටයුතු කළහොත් මෙම ආසාදනයෙන් ජයගත හැකිව ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka