gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනාවෙන් කද හරහා ඇනගත් සජිත් ගෝල බාල රොත්තම යලිත් අමාරුවේ දමයි

ජිත් ප්‍රේමදාස හිටපු විපක්ෂ නායකවරයා විසින් මෑතකදී සිදුකරන ලද ආන්දෝලනාත්මක ප්ලැකනිල් ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු තම ට්විටර් ගිණුමේ සටහනක් පල කර ඇත.

එමගින් ඔහු සඳහන් කරන්නේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් වරද පිළිගෙන ඒ ගැන බලවත් කණගාටුව පළ කරන බවයි.
නමුත් ඔහු එකී ප්‍රකාශය ට්විටර් සමාජජාලය ඔස්සේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් සිදු කර ඇත.

නමුත් පේ‍්‍රමදාස මහතා එම ප‍්‍රකාශය සිදු කරන ලද්දේ ෆේස්බුක් මාධ්‍ය ඔස්සේ සජීවීව එක්වෙමිනි.

එම ප්‍රකාශයෙන් ඔහු කියා සිටියේ කොරෝනා රෝගීන්ට ලබාදීමට නිර්දේශ වී ඇති හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් නම් ඔ්ෂධය නොව ප්ලැකනිල් නම් ඖෂධය වඩාත් ප‍්‍රතිඵලදායක බවයි.

ඊට අභියෝග කරමින් මහාචාර්ය චන්න ජයසුමන මහතා පෙන්වා දුන්නේ ප්ලැකනිල් යනු සමාගමක් විසින් හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් සදහා ලබා දුන් වෙළඳ නාමයක් බවයි.

එනිසා ජනතාව නොමඟ යවා නොයවා එම සාවද්‍ය කරුණු වහා නිවරද කරන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

කෙසේ නමුත් චන්න ජයසුමන මහතාගේ එම ප්‍රකාශයෙන් පසු සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී සමාජජාල ක්‍රියාකරුවන් විසින් දිගින් දිගටම පෙරකී ප්‍රකාශ වෙනුවෙන් දැඩිව පෙනී සිටින ලදී.

නමුත් මේ වන විට ඔවුන් අසරණ තත්ත්වයට පත් කරමින් සජිත් ප්‍රේමදාස මහතා නිල වශයෙන් පිළිගෙන තිබේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka