gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බස්නාහිර ආණ්ඩුකාර ධූරය හිටපු ගුවන් හමුදාපතිවරයාට

බස්නාහිර පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා පත්කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද පෙරවරුවේ මෙම පත්වීම කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු ධුරය සඳහා මෙම පත්කිරීම සිදුකර ඇත.

මේ අතර බස්නාහිර ආණ්ඩුකාර ධුරය භාරගන්නා ලෙස කරන ලද ඉල්ලීම ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

තමන්ට මෙවන් භාරදුර වගකීමක් භාරදීමට තරම් තමන් ගැන විශ්වාසය තැබූ ජනාධිපතිවරයාටත් ස්තූතිය පුද කරන බවද රන්දෙණිය මහතා සඳහන් කළේය.

නමුත් අතිශය පුද්ගලික හේතූන් මත මෙම ධූරය භාර ගැනීමට නොහැකි බවත් ඒ ගැන තමන් ඉතාමත් කනගාටු වන බවත් රන්දෙණිය මහතා පැවසීය.

යහපත් රටක් ගොඩනැඟීම සඳහා ජනාධිපතිවරයා විසින් දරන මහත් උත්සාහයට තම ප්‍රණාමය පුද කරන බව ද ඊට අඛන්ඩව සහය දෙන බව ද තවදුරටත් සඳහන් කළේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka