gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 76ක් දක්වා ඉහලට !

ද(21) වන විට කොරෝනා වෛරස ආසාදිතයින් 04 දෙනෙකු වාර්තා වීමත් සමඟ  කොරෝනා වෛරසය ආසාදිත මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 76 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කරනවා. මෙම කොරෝනා වෛරස ආසාදිත පුද්ගලයින් අනුරාධපුර රෝහලෙන් වාර්තා වී ඇති බවයි  ඇය වැඩිදුරටත් සඳහන් කළේ.
ඊයේ(20) දිනයේදීද කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු පොළොන්නරුව මහ රෝහලෙන් සහ තවත් අයෙකු අනුරාධපුර මහ රෝහලෙන් වාර්තා වුනා. ඔවුන් තිදෙනා නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටි පුද්ගලයින් බවයි සඳහන් වුනේ.

මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ තාවකාලික ගොඩනැගිලි සංකීර්ණයක් කඩිනමින් ඉදිකිරිමට  පියවර ගෙන තිබෙනවා. නව කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉදි කෙරෙන මෙම ගොඩනැගිලි සංකීර්ණය දින 14ක් තුළ භාර දීමට නියමිතයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka