gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

උතුරු පලාත LockDown ?

තුරු පලාතේ දිස්ත්‍රික්ක 05 වසා දැමීම කළ යුතු දැයි සෞඛ්‍ය බලධාරීන් විසින් නිරීක්ෂණය කරමින් සිටින බව වාර්තා වෙයි.

මීට හේතු වී ඇත්තේ මෑතකදී යාපනයේ පැවැති දේව මෙහෙයක් සඳහා ස්විට්සරලන්තයෙන් පැමිනි දේවගැතිවරයා කොරෝනා ආසාදිතයෙක් බව තහවුරු වීමයි.

දැනටමත් ඔහුගෙන් වෛරසය ආසාදනය වූ එක් පුද්ගලයෙක් රෝහල්ගතව සිටියි.

අදාළ දේවගැති විසින් මෙහෙයවූ දේව පූජාව සදහා පුද්ගලයන් 250ක පමණ පිරිසක් සහභාගී වී තිබින.

ඔවුන් උතුරේ දිස්ත්‍රික් පහම නියෝජනය කරමින් සහභාගී වී තිබිණි.

මේ හේතුවෙන් උතුරු පළාතේ කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශවල මතයයි.

දැනටමත් එම ප්‍රදේශ සඳහා ඇඳිරි නීතිය පනවා ඇත්තේ දිස්ත්‍රික් වලින් පිට වීම ද තහනම් කරමිකනි.

මේ හේතුවෙන් ඉදිරියේදී වර්ධනය වන තත්ත්වයන් සලකා බලා උතුරු පළාත පමණක් සම්පූර්ණයෙන්ම වසා දැමීම වැනි පියවරට යා යුතු බව ඔවුන්ගේ අදහස වී ඇත.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka