gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සුජාත මිනිසුන් ජාතික යුතුකමේ.. කොරෝනාට මීටරයක් දුරින් පෝලිමේ !

දෙදිනක ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරවීමෙන් පසුව දිස්ත්‍රික්ක අටක් හැර සෙසු සියලු දිස්ත්‍රික්ක සදහා ඇඳිරි නීතිය පැය 8 ක කාලයකට අද පෙරවරු 06.00ට ඉවත් කර තිබේ.

අද පෙරවරුවේ මෙම ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග ජනතාව අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා නගරවල වෙළඳසැල් වලට ඇදී එනු දක්නට ලැබේ.
එමෙන්ම බැංකු හා ඉන්ධන පිරවුම්හල්වලද ජනතාවක් එක් රැස් වී සිටි.

නමුත් පෙර අවස්ථාවන්හි මෙන් ජනතාව තෙරපෙමින් සමීපව කටයුතු කරනු අද දක්නට නොලැබෙයි.

ඒ වෙනුවට බොහෝ ස්ථානවල දක්නට ඇත්තේ මීටරයක් හෝ ඊට වැඩි පරතරයක් තබාගෙන කිසියම් පිළිවෙළකට කටයුතු කරන පිරිසකි.

පොලිසියද ජනතාව ඒ ආකාරයෙන් හැසිරවීම සදමා මැදිහත් වෙමින් සිටිති.

වෙලදසැල්වලටද එක් වරකට ඇතුළු කර ගන්නේ සීමිත පිරිසකි. ඒවා ඉදිරියේ අත්සේදීම සදහා සූදානම් කර ඇත.

මේ අතර ඇතැම් ප‍්‍රදේශවල ජනතාව වෙනදා මෙන් පොරකමින් තෙරපෙමින් භාණ්ඩ එක්රැස් කර ගැනීමේ කටයුත්තේ නිරතව සිටින බවටද තොරතුරු වාර්තා වෙයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka