gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙක්ට කොරෝනා - අන්තිම පැය 24ට ඉතාලියේ මරණ 602ක්

තාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙකුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. ඔවුන් මේ වනවිටත් රෝහල් ගතවී ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ.
මේ අතර කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැක එරට සිටින ශ්‍රී ලාංකිකයින් 50 කට ආසන්න පිරිසක් මේ වනවිට සෞඛ්‍ය බලධාරීන් යටතේ නිරීක්ෂණ මට්ටමේ සිටින බවත් එම අමාත්‍යංශය පවසනවා.

ඉතාලියේ පසුගිය පැය 24 තුල කොරෝනා මරණ 602ක් වාර්තා වූ අතර එය මෙතෙක් එන්න එන්නම වැඩිවෙමින් පැවතුනු මරණ සංඛ්‍යාව දෙවන දිනටත් අඩුවීමක් වශයෙන් එරට බලධාරීන් පෙන්වා දෙනවා.

කෙසේ නමුත් මේ වනවිට කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ මියගිය පිරිස 6077ක්.

මේ අතර ඊයේ දිනය වන සඳුදා පමණක් ඉතාලියේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4789ක්. එය ඊට කලින් දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාවට වඩා 700ක පමණ සංඛ්‍යාවක අඩුවීමක්.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka