gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දිවයින පුරා ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ !

කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට  එනම් මාර්තු 24 උදේ 6.00ට ඉවත් කෙරෙනවා.

මේ දිස්ත්‍රික්කවල හෙට (24) දහවල් 12.00ට නැවත ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන අතර, එය 27 සිකුරාදා උදේ 6.00 තෙක් බලපැවැත් වෙනවා.

මේ දිස්ත්‍රික්කවල 27 දහවල් 12.00ට  ඇඳිරි නීතිය යළි පනවනු ලැබෙනවා.

සෙසු දිස්ත්‍රික්කවල අද (23) දහවල් 2.00ට ඇඳිරි නීතිය යළි ක්‍රියාත්මක වෙනවා. එය 26 බ්‍රහස්පතින්දා උදේ 6.00 ට ඉවත් කෙරෙන අතර එදිනම දහවල් 12.00 ට නැවත පනවනු ලැබෙනවා.

මෙම කාලයේදී දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර එසේම විදේශීය සංචාරකයන් තැනින් තැනට ගෙන යාම ද සම්පූර්ණයෙන් තහනම් වෙනවා.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කිරීමට අවසර හිමි වනවා.

සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ එළවළු ප්‍රවාහනයට ඉඩ දෙනු ලැබෙන බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

කෘෂිකර්ම සහ වෙළෙඳ විෂයය භාර අමාත්‍යවරයා මේ කාර්යයන් විධිමත්ව පාලනය කළයුතු බව ද රජය දැනුම් දෙනවා.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka