gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දින 4කදී කොරොනා ආසාදිතයින් ලක්ෂයක්!! ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවත් අනතුරු ඇගවීමක්

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවා ඇත්තේ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරස් රෝග වසංගතය වේගවත් වී ඇති බවත්, මේ වනවිට ලොව පුරා සැලකිය යුතු ලෙස රෝගීන් වර්ධනය වීමක් දැකිය හැකි බවයි.

එහිදී ප්‍රථම වරට කෝවිඩ් -19 වාර්තා වූ දින සිට ආසාදිතයන් 100,000ක් වාර්තා වීමට දින 67ක්ද, දෙවැනි ආසාදිතයන් 100,000 වාර්තා වීම සඳහා දින 11ක්ද, තෙවැනි ආසාදිතයන් 100,000 වර්තා වීමට දින 4ක් වැනි ඉතා කෙටි කාලයක්ද ගත වී ඇති එම සංවිධානය පවසයි.

කෙසේ වෙතත් වෛරසය පැතිරීමේ ගමන් පථය වෙනස් කිරීම තවමත් කළ හැකි බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් අවධාරණය කළේය. ඒ අනුව රෝගීන් හඳුනා ගැනීම සඳහා දැඩි පරීක්ෂණ සහ ආසාදනය වූවන්ගේ සම්බන්ධතා සොයා ගැනීමේ උපාය උපක්‍රම හැකි පමණ අනුගමනය කරන ලෙසයි.

"වඩාත්ම වැදගත් දෙය වන්නේ අප කරන දෙයයි. ඔබට පාපන්දු ක්‍රීඩාවේදී ඔබේ ගෝලය ආරක්ෂා කර ගැනීමෙන් පමණක් ජය ගත නොහැකියි. ඔබත් පහර දිය යුතුයි" යනුවෙන් ඔහු ෆීෆා සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ සමඟ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්මින් කියා සිටියේය.

වෛද්‍ය ටෙඩ්‍රොස් කියා සිටියේ මිනිසුන් නිවසේ රැඳී සිටින ලෙස ඉල්ලා සිටීම සහ වෙනත් භෞතික දුරස්ථ ක්‍රියාමාර්ග වෛරසය පැතිරීම මන්දගාමී කිරීමේ වැදගත් ක්‍රමවේද වන නමුත්, මේ වෛරසයෙන් ජයග්‍රහණය කිරීමට අපට මීටත් වඩා ආරක්ෂක පියවර අවශ්‍ය බවයි.

"ජයග්‍රහණය කිරීම සඳහා, අපි වෛරසයට ආක්‍රමණශීලී හා ඉලක්කගත උපක්‍රම භාවිතා කළ යුතුයි. සැක සහිත සෑම සිද්ධියක්ම පරීක්ෂා කිරීම, තහවුරු කරන ලද සෑම සිද්ධියක්ම හුදකලා කිරීම සහ රැකබලා ගැනීම සහ සෑම සමීප සම්බන්ධතාවයක්ම හඹා යාම සහ නිරෝධායනය කිරීම අනිවාර්යයෙන් කළ යුතුයි" යනුවෙන් හෙතෙම අවධාරණය කළේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka