gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනා වේගයෙන් ව්‍යාප්ත වෙනවා.. රට තුල ඉතා බරපතල තත්වයක්..- රජය සියළු පලාත් පාලන නියෝජිතයන්ට දැනුම් දේ

කොරෝනා වෛරසය රට තුළ සීග්‍රයෙන් ව්‍යාප්ත වන මොහොතක රජය විසින් ගෙන ඇති පියවර පළාත් පාලන ආයතන ප්‍රධානීන් විසින් කඩිනමින් අනුගමනය කරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එහිදී තවදුරටත් රටේ පවතින තත්වය සැලකිල්ලට ගනිමින් ජනතාව රැස් නොකර ජනතාව වෙනුවෙන් ගතයුතු ගත හැකි සියලු පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

එසේ පියවර නොගන්නා පළාත් පාලන ආයතන ප්‍රධානීන් පිළිබද දැඩිව ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

අදාල සම්පූර්ණ නිවේදනය මෙසේය

සියලුම පළාත් පාලන ආයතන වල ප්‍රධානීන් වෙත කෙරෙන විශේෂ නිවේදනය

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම හා නව ආසාදිතයන් හඳුනාගැනීම ඉතා සීග්‍රයෙන් සිදුවන බැවින් ඉතාම බරපතළ තත්ත්වයක් රට තුළ උද්ගත වී ඇත.

රජයක් වශයෙන් අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි රටේ සියලුම ජනතාව මෙම තත්ත්වයෙන් ආරක්ෂා කර ගැනීමට ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ඉතා ඉක්මනින් හා ක්‍රමවත්ව ක්‍රියාත්මක කරවා ඇත.

නමුත් තවමත් මෙහි භයානක තත්ත්වය බහුතර ජනතාවක් තේරුම්ගෙන නොමැත. ලෝකයේ සංවර්ධිත රටවල් පවා මෙම තත්ත්වයෙන් දැඩි පීඩාවට පත්ව ඇති අවස්ථාවක අප වැනි රටකට ඇති විය හැකි තත්ත්වය පිළිබඳව වූ වගකීම් දේශපාලන නියෝජිතයන් ලෙස හැටියට ඔබට අවබෝධ වී තිබිය යුතුය.

මෙම තත්ත්වය යටතේ වඩාත් වගකීමෙන් යුතුව කටයුතු කරන්න. ජනතාව රැස් කිරීම, උත්සව, දේශන, ජනහමු ආදිය පැවැත්වීමෙන් වැලකී සිටින අතරම ඔබ බල ප්‍රදේශ තුළ එවැනි දේ සංවිධානය කිරීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන්න.

එමෙන්ම පළාත් පාලන බල ප්‍රදේශ තුළ පවිත්‍රතාව ආරක්ෂා කර ගැනීමට මෙන්ම ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන කම්කරුවන්ගේ සිට සියළුම නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු ආකාරයෙන් වැඩ පිළිවෙළක් සකස් කරන්න.

ජනතාව අවදානමට ලක් කරන කාර්යයන් සංවිධානය, මෙහෙයවීම හෝ අනුබල දීම ආදී කාර්යයන්ට මැදිහත්වීමට පෙර මේ වෙනුවෙන් මහජනතාවට ක්‍රියාත්මක නීතිය කිසිදු වෙනසකින් තොරව ඔබට ද බලපැවැත්වෙන බව ඉතාම තරයේ සිහි තබාගත යුතුය.

ජනක බණ්ඩාර තෙන්නකෝන්
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka