gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනා අස්සෙන් ජාතික ආණ්ඩුවක් ගැන සාකච්ජා

කොරෝනා අවදානම හේතුවෙන් මහ මැතිවරණය කල් දැමුනද මැතිවරණය සම්බන්ධයෙන් වන අවදානය අඩු වී නැති බව දැන් දැන් දැනගන්නට ලැබෙන පුවත් වලින් සනාථ වෙමින් තිබේ.

මැයි මාසය මැද භාගය වන විට මැතිවරණය පැවැත්වීමේ අපේක්ෂාවෙන් පසුවන හෙයින් ආණ්ඩු පක්ෂ විපක්ෂ සියලු දෙනා කොරෝනා පිළිබඳ අවධානය මෙන්ම තම තමන්ගේ මැතිවරණ ප්‍රචාරණ ද ඒ අස්සෙන් සිදුකරගෙන යයි.

මේ අතර අප වෙත වාර්තා වූයේ වත්මන් ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බවයි.

ඒ අනුව වත්මන් ආණ්ඩුව හා එක්සත් ජාතික පක්ෂය එක්ව ජාතික ආණ්ඩුවක් ඇති කිරීමේ සූදානමක් පවතින බවටයි ආරංචි මාර්ග සඳහන් කළේ.

අප වෙත වාර්තා වූ පරිදි අගමැතිවරයාගේ දැනුම්දීමකට අනුව පසුගිය ආණ්ඩුව සමයේ මධ්‍යම පළාතේ හිටපු ආණ්ඩුකාරවරයෙක්ද අගමැතිවරයා මුණ ගැසීමට ගොස් සිට ඇති අතර තවත් එජාප කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රබලයෙක් ද හිඳ ඇත.

දේශපාලන වාද  භේද දුරැරලා මේවන් අවදානම් මොහොතක එක්ව අර්බුදයට මුහුණ දිය යුතු බවට ඔවුන් සාකච්ජා කර ඇති අතර සීතා අරඹේපොළ මහත්මිය බස්නාහිර ආණ්ඩුකාරධූරයෙන් ඉල්ලා අ ස් වීම නිසා ඇතිව තිබෙන පුරප්පාඩුවට  උක්ත හිටපු ආණ්ඩුකාරවරයාට එය භාරගන්නා ලෙස අගමැතිවරයා පවසා තිබෙන නමුත් එකී ආණ්ඩුකාරවරයා ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බවයි වාර්තා වුණේ.

කෙසේවතත් එළඹෙන මහ මැතිවරණයේ ආණ්ඩුවට තුනෙන් දෙක තියා බහුතරය ලබා ගැනීමේදීද දැන් අභියෝගයක් පවතින හෙයින් ජාතික ආණ්ඩුවකට සූදානම්ව  සිටිය යුතු බවටයි ඔවුන් සාකච්ජා කර තිබෙන්නේ.

මේ අනුව දෙපාර්ශවයේ ජාතික ආණ්ඩුවක් ඇති කිරීම සඳහා පාලම තනමින් සිටින්නේ උක්ත කොළඹ දිස්ත්‍රික් එජාප ප්‍රබලයාය. ඊට එක්සත් ජාතික පක්ෂයෙන් කැමැත්ත හෝ අකමැත්ත තවමත් නිශ්චිත ලෙස පළකර නොමැති බව සඳහන්.

-lankanewsweb
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka