gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

චීනයෙන් කොරෝනා දෙවෙනි රැල්ලක පෙරනිමිති ! -යළිත් ආසාධිතයන් හමුවේ, මරණ හතක්!

චීනයේ කොරෝනා අවදානම යළි ඉහළ යමින් පවති. එය දෙවන කොවිඩ් 19 රැල්ල ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය දෙසැම්බර් මාසයේ චීනයේ හුබෙයි පළාතෙන් කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදිතයින් මුල්වරට වාර්තා වු අතර පසුව එය චීනය පුරා ව්‍යසනයක් ලෙස පැතිර ගියේය.

මාස තුනක පමණ කාලයක් මහත් පරිශ්‍රමයක් දැරීමෙන් එම තත්ත්වය පාලනය කර ගැනීමට චීනයට හැකිවු අතර ඒ අනුව ජන ජීවිතය සාමාන්‍ය අතට හැරිණ.

 එහෙත් වෙනත් රටවල සිට චීනයට පැමිණෙන පුද්ගලයින් හේතුවෙන් යළි කොවිඩ් 19 වෛරසය චීනය පුරා පැතිරයාමේ අවදානමක් මතුව තිබේ.

 ඊයේ දිනයේ පමණක් ආසාදිතයින් 78 දෙනෙකු චීනයෙන් වාර්තා වු අතර මේ අතුරින් පුද්ගලයින් 74 දෙනෙකුම විදේශයන්ගෙන් පැමිණිඅයවීම විශේෂත්වයකි.

ඉකුත් පැය 24 තුළ චීනයෙන් මරණ 7 ක් ද වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණ කළේය.

නව කොරෝනා වෛරසය ව්‍යාප්තියේ මූලාරම්භය සිදු වු බවට සැලකෙන වූහාන් ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු  සතියකට පමණ පසු වාර්තා වීම ද විශේෂත්වයකි.

චීනයෙන් පමණක් මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ගණන 81,171 ක් වන අතර  සිදුව ඇති මරණ ගණන 3,277 ක් වේ.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka