gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

උතුරේ ඇඳිරි නීතිය දීර්ඝ කරයි : දේව මෙහෙයට සහභාගී වූ අයකුටත් අසාදනය වෙලා !

මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24, අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර තිබේ.
මේ දිස්ත්‍රික්කවල උදේ 6.00 ට ඉවත් කෙරෙන ඇඳිරි නීතිය දහවල් 2.00ට යළි පනවනු ලැබේ.

උතුරේ දිස්ත්‍රික්ක 05 වෙසෙන ජනතාවට තමන් අයත් දිස්ත්‍රික්කයෙන් පිටතට ගමන් කිරීම තහනම් කර ඇත.

පසුගිය දිනවල උතුරේ චාරිකා කළ ස්විට්සර්ලන්තයෙන් පැමිණි කොරෝනා වෛරසය ආසාධිත දේවගැතිවරයා හමු වූ සහ ඇසුරු කළ සියලුදෙනා හඳුනාගන්නා තෙක් මේ ගමන් තහනම ක්‍රියාත්මකව පවතී.

 දිස්ත්‍රික්ක 05 වෙසෙන ජනයා කොරෝනා වෛරසයට ගොදුරුවීමෙන් ආරක්ෂා කරගනු පිණිස මේ තීරණය ගෙන ඇත.

 උතුරේ ජන ජීවිතය සුරක්ෂිත කරනු පිණිස ගෙන ඇති ක්‍රියාමාර්ගය සාර්ථක කර ගැනීමට පූර්ණ සහයෝගය දෙන්නැයි රජය එහි වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටී.

යාපනයේ රෝහල් අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ, එම දේවමෙහෙයට සහභාගී වූ අයකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු කරගෙන ඇති බවයි.

යාපනය අරියාලෙයි ප්‍රදේශයේ පිහිටි දේවස්ථානයක පැවති ආගමික උත්සවයකට සහභාගි වූ ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි  එම දේවගැතිවරයකු (ෆාස්ටර්)  එම ආගමික උත්සවය අවසන් කොට යළි ස්විට්සර්ලන්තය බලා පිටව ගොස් ඇති අතර පසුව ඔහුට කොරෝනා වයිරසය වැළදී ඇති බවට තහවුරුවී තිබේ.

යාපනයේදී උපත ලබා ඇති මෙම පූජකවරයා විසින් මෙහෙයවන ලද සුවකිරීමේ දේව මෙහෙයට 250 කට වැඩි පිරිසක් සහභාගි වී සිටි බව වාර්තා වේ.

මෙම පූජකවරයා මෙරට සිටිය දී සමීපව ඇසුරුකළ පිරිසෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු ශරීරයේ ඇති වූ උණ සහිත රෝග ලක්ෂණ හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සත්‍යමූර්ති පැවසුවේය.

උතුරු ආණ්ඩුකාර කාර්යාලයෙන් දැනුම් දීමක් !

එම ආගමික උත්සවය පැවති ස්ථානයේ ඇති සී.සී.ටී.වී. කැමරා උපයෝගී කර ගනිමින් පූජාවට සහභාගී වූ අදාළ පුද්ගලයින් හඳුනා ගැනීමේ කටයුතු කරන බවත් එම ආගමික උත්සවය සඳහා පැමිණි පිරිස් ඇත්නම් ඔවුන්ට වහාම ස්වයං නිරෝධායනය වන ලෙසත් උතුරු ආණ්ඩුකාර කාර්යාලය විසින් දැනුම් දී තිබේ.

යම් අයුරකින් කොරෝනා රෝග ලක්ෂණ බවට සැකකෙරෙන යමක් ශරීරයෙන් පෙන්නුම් කරන්නේ නම් වහාම 021-2227278 යන අංකය ඔස්සේ පළාත් සෞඛ්‍ය කාර්යාලය දැනුවත් කොට රෝහල්ගත වීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසටද උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය වැඩි දුරටත් ජනතාවගෙන් ඉල්ලා ඇත.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka