gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෙ‍රට කොරෝනා ආසාදිතයින් ගණන 80 දක්වා ඉහළට

මෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 80 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අද(22) දිනයේ නව ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ යි.
මෙම පිරිසට අමතරව මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකකෙරෙන පුද්ගලයින් 245 දෙනෙකු දිවයිනේ රෝහල් 18ක වෛද්‍යන අධීක්ෂණය යටතේ පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මෙරට තුළ ස්ථාපිත කරන ලද නිරෝධායන මධ්‍යස්ථාන 22ක් තුළ පුද්ගලයින් 3,063ක පිරිසක් මේ වන විට නිරෝධායනයට ලක් වන බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කළේය.

විදේශිකයින් 31 දෙනෙකු ද නිරෝධායන පිරිස අතර වන බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

මීට අමතරව සෞඛ්‍ය අංශ, බුද්ධි අංශ, යුධ හමුදාව, පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරික්ෂකයින් විසින් හඳුනාගත් දස දහසක පමණ පිරිසක් ස්වයං නිරෝධායන ක්‍රියාවලියට අනුගත කිරීමට උපදෙස් ලබාදී තිබේ.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයන්ට සහ ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා දිවයින පුරා රෝහල් 30ක් සූදානම් කර තිබේ.

නිරෝධායන මධ්‍යස්ථානවලදී හඳුනාගැනෙන ආසාදිතයින් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට හා වැලිකන්ද මූලික රෝහලට යොමු කෙරෙයි.

මීට අමතරව මුල්ලේරියාව හා හෝමාගම රෝහල් සැකකටයුතු වෛරස් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහාත්,මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල කොරෝනා බවට සැක කෙරෙන ගර්භණී කාන්තාවන්ට ප්‍රතිකාර කිරීම සඳහාත් යොදා ගැනෙයි.

කොතලාවල වෛද්‍ය පීඨයේ දැඩි සත්කාර ඒකකය ද ප්‍රතිකාර සඳහා යොදාගන්නා බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

මීට අමතරව ඉරණවිල පිහිටි වොයිස් ඔෆ් අමෙරිකා ආයතනයට අයත් ගොඩනැඟිලිද  සැකකටයුතු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යුද හමුදාවේ මූලිකත්වයෙන් පිළිසකර කටයුතු සිදුකෙරෙයි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka