gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉතාලියේ අදත් 651 ක් මිය ගිහින් ! දැන් ඉතාලි ජනගහනයෙන් දහසකට එක් අයෙක් කෝවිඩ් රෝගියෙක් !

අවසන් පැය 24 තුළ කෝවිඩ් 19 වෛරස‍ය හේතුවෙන් ඉතාලිය තුළ මියගිය ප්‍රමාණය 651 ක් ලෙස වාර්තා වෙනවා. එය ඊයේ දිනයේ වාර්තා වූ මරණ ප්‍රමාණයද අභිබවා යාමකි.

මෙම ප්‍රමාණයත් සමග අද දිනයේදී ලෝකය පුරා මියගිය ප්‍රමාණය 1429 කි. අද දිනය තුළ පුද්ගලයන් 27,144 කට වෛසරය ආසාදනය වූ බවට තහවුරු වී ඇති අතර ඉන් 5560 ක්ම ඉතාලි ජාතිකයන් වේ.

ඉතාලිය තුළ මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයන් ප්‍රමාණය 59,138 ක් වන අතර ඉතා සීග්‍රයෙන් ඉතාලිය චීනයේ රෝගීන් සංඛ්‍යාව වෙත ලංවෙමින් තිබේ. ඉතාලියෙන් වාර්තා වන සමස්ත මරණ ප්‍රමාණය 5476 කි. තවත් රෝගීන් 3000 ක් පමණ ආසාධ්‍ය තත්වයේ පසුවන බවයි එරට වාර්තාවලින් තහවුරු වන්නේ.

මේ අතර ඉතාලි ජනගහනයෙන් සෑම මිලියනයකටම සිටින ආසාදිතයන් ප්‍රමාණය 978 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය ආසන්න වශයෙන් දහසකට එක් අයෙකු දක්වා ඉහළ යාමකි.

ඉතාලියට අමතරව ස්පාඤ්ඤයෙන්ද අද දිනය තුළ මරණ 375 ක් සහ නව ආසාදිතයන් 3107 ක් වාර්තා වී තිබෙනවා. එරට තුළ සිදු වූ සමස්ත මරණ ප්‍රමාණය 1756 කි. මෙම තත්වය සමස්ත යුරෝපයම සසල කිරීමට සමත්ව තිබේ.

මෙම රටවල් දෙකට අමතරව යුරෝපා කලාපයේ තවත් රටවල් කිහිපයකම මරණ ප්‍රමාණය ඉහළ යමින් තිබේ. අවසන් පැය 24 තුළ එක්සත් රාජධානියෙන් මරණ 48 ක් සහ නෙදර්ලන්තයෙන් මරණ 43 ක් වාර්තා වේ.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka