gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇඳිරි නීතිය අස්සේ ළමා අපයෝජකයන්ට රජ මගුල්, ළමා අපයෝජනය සියයට 33 කින් වැඩි වෙලා !

කොවිඩ් 19 අවදානම හේතුවෙන් රටපුරා ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය හමුවේ ළමා අපයෝජන සහ ගෘහස්ථ හිංසනය සැලකිය යුතු අන්දමකින් ඉහළ ගොස් තිබෙනවා.

ළමාරක්ෂණ අධිකාරියේ සභාපති මුදිත විදානපතිරණ මහතා හෙළි කරන දත්තවලට අනුව ළමා අපයෝජන වාර්තා වීම 33% කින් ඉහළ ගොස් තිබෙනවා.

මේ පැමිණිලි සියල්ලම ගෘහස්ථ හිංසනය හා කෲරත්වය හේතුවෙන් සිදුවූ අපයෝජන බව ද ලිංගික අපයෝජනය සම්බන්ධ පැමිණිලි නොවන බවද හෙතෙම කියයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඇඳිරිනීතිය බලපැවැත්වෙන බැවින් අපයෝජකයා සහ වින්දිතයා වන දරුවන්ද නිවසට කොටුවී සිටීම මෙයට හේතුවක් බවයි.

ළමා අපයෝජනයක් යනුවෙන් හැඳින්වෙන්නේ ළමයෙකුගේ කායික හා මානසික තත්ත්වයට පිටස්තරව, ඔහු ගේ හෝ ඇයගේ යහපතට හා මනා කල්ක්‍රියාවට එරෙහිව සිදු කරන කුමන හෝ අයහපත් ක්‍රියාවකි.

ඇඳිරිනීතිය පැනවීමට පෙර ළමයින් සම්බන්ධ පැමිණිලි දිනකට 40ක් පමණ ලැබුණු අතර ඉන් 10% ක් පමණ ළමා අපයෝජන සම්බන්ද පැමිණිලි විය.

ඇඳිරිනීතිය පැනවූ පසු ගත වූ දින 07ක කාලයේ දී ළමා ආරක්ෂක අධිකාරියට ලැබී ඇති පැමිණිලි  සංඛ්‍යාව 111 කි. ඉන් පැමිණිලි 36ක් ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි බව සභාපතිවරයා සඳහන්  කළේය.

ජාතික ළමාරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා පවසන්නේ ළමයින් වැඩිපුරම අපයෝජනයට පත් වන්නෙ ඔවුන්ගේ දෙමාපියන්, වැඩිහිටියන් වැනි සමීපතම පුද්ගලයන්ගෙන් බවයි. ඒ අනුව ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් අපයෝජකයන්ට දරුවන් වෙත සමීප වීම සඳහා වැඩි අවස්ථාවක් ලැබී තිබෙන බවත් ඒ නිසා ගෘහස්ථ හිංසනය, කෲර ලෙස සැලකීම, අපයෝජනය සඳහා වැඩි ඉඩක් පවතින බවත් ඔහු පෙන්වා දෙනවා.



මෙම තත්වයෙන් ළම පරපුර ආරක්ෂා කර ගැනීම සමස්ත සමාජයේම වගකීමක් බවත් කුඩා දරුවන්ගේ සමීපතමයන්ට ඔවුන්ව ආරක්ෂා කර ගැනීම සඳහා විශාල වගකීමක් පැවරෙන බවත් සභාපතිවරයා පෙන්වා දෙයි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka