gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනා මඩින ඖෂධ ලක්‍ෂ 25ක තොගයක් අප සතුයි.. නිර්දේශ කල සැනින් දෙන්න සූදානම්..- රාජ්‍ය ඔසුසල කියයි..

කොරෝනා වෛරසය ආසාදිතයන් සුවපත් කිරීම සඳහා දැනට මෙරට සාකච්ඡා මට්ටමේ ඇති ඖෂධය ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලය විසින් තහවුරු කලහොත් ඒ සඳහා අවශ්‍ය ඖෂධ තමන් සතුව ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කරයි.

එහි සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරන්නේ මිලියන දෙකහමාරක පමණ ඖෂධ තොගයක් සංස්ථාව සතුව ඇති බවයි.

මෙම ඖෂධය ලබාදෙන්නේ නම් ඒ ලබාදෙන්නේ කාටද, කොපමණ ප්‍රමාණයකින් ද යන්න පැහැදිලිව දක්වමින් වෛද්‍ය මණ්ඩලය අනුමැතිය අවශ්‍ය බවද සභාපතිවරයා සඳහන් කළේය.

මෙම ඖෂධය දැනට ඔසුසල් වල ඇත්තේ නම් කිසිවෙකුට නිකුත් නොකරන ලෙසත් එසේ ලබාදීමෙන් අතුරු ආබාධ ඇතිවිය හැකි බවත් ඔහු සඳහන් කළේය.


 
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka