gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කෝවිඩ් 19 පාලනය කිරීම සඳහා විශේෂ අරමුදලක් පිහිටුවයි

කෝවිඩ් 19 වෛසරය පාලනය කිරීමේ කටයුතු සඳහා සහ වෛරසයට ගොදුරුවූවන්ට ප්‍රතිකාර කටයුතු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ අරමුදලක් පිහිටුවා තිබෙනවා. එය නම්කර ඇත්තේ “COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල” (COVID -19 Health Care and Social  Security Fund) නමිනි.

ජනාධිපති අරමුදල මගින් රුපියල් මිලියන 100 ක මුදලක් මේ සඳහා වෙන්කර තිබේ.

දේශීය, විදේශීය පරිත්‍යාගශීලීනට සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට මුදලින් දායකවීමට හැකියාව ලැබේ. නිත්‍යනුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කෙරෙන අතර චෙක්පත් හෝ ටෙලිග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පහසුකම් සලසා තිබේ.

මෙම අරමුදල සඳහා මුදල් තැන්පත් කිරීම වෙනුවෙන් ලංකාව බැංකුවේ ආයතන ශාඛාවේ විශේෂ ගිණුමක් ද ආරම්භ කර ඇත. ගිණුම් අංකය 85737373 වේ.

මෙම අරමුදල පාලනය කිරීම සඳහා අමාත්‍යංශ්‍ය ලේකම්වරුන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්, බැංකු ප්‍රධානීන්, විගණන විශේෂඥයන්ගෙන් සමන්විත කළමනාකරණ මණ්ඩලයක් පත් කිරීමටද නියමිතය.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka