gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වූහාන් සිට පැමිණ සිසුන් මේ සතියේ ගෙදර යයි.. ඊට පෙර ජනපති හමුවේ !

දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ නිරෝධායන ක‍්‍රියාවලියේ නිරතව සිටින විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු 33 දෙනා මෙම සතිය ඇතුළතදී ඥාතීන්ට භාරදීමට හැකියාව ඇතැයි යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය. මේ වන විට සිසුන් ඇතුළු සියලූ දෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, ඔවුන්ගේ නිරෝධායන කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යන බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

යුද හමුදා විශේෂ වෛද්‍ය කණ්ඩායමක් මෙම පිරිසට අවශ්‍ය නිරෝධායන කටයුතු සිදුකරන බවත් යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් පැවසීය.

චීනයේ වූහාන් සිට දියතලාව යුද හමුදා කඳවුරට රැුගෙන ආ විශ්වවිiාල සිසුන් ඇතුළු 33 දෙනාගේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් කළ විමසීමකදී යුද හමුදාපතිවරයා එසේ ප‍්‍රකාශ කළේය.

මේ අතර අදාළ සිසුන් ඇතුළු පිරිස සහ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර හමුවක් අකුරේගොඩ ආරක්‍ෂක හමුදා මූලස්ථානයේදී හෙට (14 වැනිදා) පස්වරුවේදී පැවැත්වීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.

– divaina


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka