gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කප්පම් ගත් හිටපු ඇමතිලාට මැතිවරණයට වැඩ වරදියි.. සේනාධිපති ලග හඬපට සූදානම්.. කෝටි 30ක් කප්පම් ගෙන බිය වූ එකෙක් ඉඩමක් ලියා දෙන්න එයි

තා අසාධාරණ ලෙස තමන්ගෙන් කප්පම් මුදල් ලබා ගත් හිටපු ඇමතිවරුන්ට මීළඟ මැතිවරණයේදී තරඟ වැද ජය ගැනීමට ඉඩ නොදෙන බව ඇවන්ගාඩ් ව්‍යාපාරයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පවසයි. ප‍්‍රකෝටි ගණනක් කප්පම් මුදල් ලබාගත් හිටපු ඇමැතිවරුන්ට තමන් මේ බව දැන්වූ බවත් ඔවුන්ගෙන් ඇතැම් ලබාගත් කප්පම් මුදලින් කොටස් වශයෙන් මේ වන විට ආපසු ගෙවා ඇති බවත් ඔහු පැවසීය.

ඒ සියල්ල නොගෙවන්නේ නම් ඔවුන් කිසිවකුටත් ඊළඟ මැතිවරණයෙන් තරග කර ජය ලබන්නට ඉඩ නොතබන බවත් ඔහු කියා සිටියේය.

අදාළ එක් හිටපු ඇමතිවරයෙක් කෝටි 30ක පමණ මුදලක් තමන්ගෙන කප්පම් ලෙස ලබාගත් බවත් ඒ හිලව්වට ඔහු සතු ඉඩමක් තමන්ට දෙන්න උත්සාහ කළ බවත් තමන් එය ප්‍රතික්ෂේප කළ බවත් සභාපතිවරයා පැවසීය.

මීට පෙර සේනාධිපති මහතා අප වෙත කියා සිටියේ තමන් සතුව අදාල හිටපු ඇමතිවරුන් කප්පම් ඉල්ලු අදාළ සියලු හඬ පට තමන් සතුව ඇති බවය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka