gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සිංගිමලේ කන්ද ගිනි ගනි.. ගින්න සීඝ‍්‍රයෙන් පැතිරේ !

හැටන් සිංගිමලේ කන්දේ ගින්නක් හටගෙන ඇති බව හැටන් පොලිසිය පැවසිය.

උඩරට දුම්රිය මාර්ගයේ දිගම දුම්රිය උමං මාර්ගයද පිහිටියේ මෙම සිංගමලේ කන්ද පාමුලය.

සිංගිමලේ කන්දේ නැගෙනහිර මායිම් ප්‍රදේශයෙන් (13) දින උදැසන ගින්න හටගෙන ඇත.
පවතින වියළි කාලගුණයත් සමග ගින්න සිඝ්‍රයෙන් කදු මුදුණ දක්වා පැතිර යමින් පවති.

සිංගිමලේ කදු මුදුණ සිට පහලට ගලා බසිනා ජල මුලාශ එක්රැස් කර ගනිමින් හැටන් ප්‍රදේශයට ජාතික ජල සම්පාදන මණ්ඩලය මගින් ජලය ලබා ගන්නා ජල වේල්ලද එම ස්ථානයේ පිහිටා ඇත.

සිංගිමලේ කදු රක්ෂිතයේ කදුකරයට ආවේනික ක්ෂිරපායි සතුන් මෙන්ම , පක්ෂින්ද ගණනාවක්ද වෙසෙන අතර එම රක්ෂිතය තුල දුර්ලභ ඝනයේ දැව සහ ආයුර්වේද ඖෂධ පැළැටි ගණනාවක්ද තිබෙන බවයි හැටන් වන අඩවි කාර්යයාලයේ නිලධාරින් පවසන්නේ.

කිසියම් පිරිසක් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව හැටන් පොලිසිය සැකකරයි.

පැතිර යන ගින්න පාලනය කිරිමට හැටන් පොලිසියේ නිලධාරින් , හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවස ඒකකය ,හැටන් වන අඩවි කාර්යයාලයේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් මේ වන විට කටයුතු කරමින් සිටියි.

පවතින වියළි කාලගුණයත් සමග ගින්න සිඝ්‍රයෙන් පැතිර යමින් පවතින අතර ගින්න පැතිර යන ස්ථානයට හැටන් නගර සභාවේ ගිනි නිවන ඒකකයේ උපකරණ රැසක රැගෙන යාමට අසිරු වි ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka