gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් මරා මං හිරේ යනවා.. ‘හදවත’ පක්‍ෂයේ ප‍්‍රබලයෙක් කෝපයෙන් ගුගුරයි

ක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මරා දමා හිරේ යෑමට හිතෙන බව එම පක්ෂයේ සාමාජිකත්වය දරන ‘හදවත’ කණ්ඩායම නියෝජනය කරන ප්‍රබලයකු සඳහන් කර ඇතැයි සමාජ ජාලා ඔස්සේ වාර්තා කර ඇත. පෙරේදා දිනයේ අවසන් වරට පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවෙන් පසු සිය සමීපතමයෙකු සමගින් අදහස් පල කරමින් ඔහු මේ බව පවසා ඇත.
ජනාධිපතිවරණයෙන් පසු ගතවූ කාලසීමාවේදී මහ මැතිවරණය තෙක් රනිල් වික්‍රමසිංහ මහතා ඉතා සූක්ෂම ලෙස තම කණ්ඩායම වටේ යවා අවසානයේ බෙල්ලටම හිරකල බවද ඔහු කෝපයෙන් යුතුව පවසා ඇත.

දැන් සිදුව ඇත්තේ අලියා අතහැරීමට නොහැකි වීම නිසා නැවත වරක් රනිල් වික්‍රමසිංහ මහතා සහ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ඉදිරියේ දණ නැමීමට බවද ඔහු සඳහන් කර ඇත.

එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට මෙවර ද පරාජය වගකීම පවරා මීළඟ එජාප නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර නායකත්වයට සමු දෙනු ඇතැයිද ඔහු සඳහන් කර ඇතැයිද සදහන්ය.

කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සජිත් පිලට අත් වූ තත්වයෙන් දැඩි කලකිරීමෙන් යුතුව ඔහු අදහස් පල කර තිබෙන බව තව දුරටත් දැක්වෙයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka