gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සම්පත් බැංකු ගනුදෙනුකරුවන්ගේ මුදල් ලක්ෂ ගණනක් වංචා කරලා! බැංකුවේ MD අත්අඩංගුවට ගන්න! – අධිකරණයට ඉල්ලීමක්…

සිය තැන්පත්කරුවන්ගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සම්පත් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ එම බැංකුවේ ඉහළ නිළධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙසට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (13) ඉල්ලීමක් ඉදිරිපත් විය.

සම්පත් බැංකුවේ මහා පරිමාණ වංචාවෙන් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසුරිය මහතා විසින් එම ඉල්ලීම කළේය.

මෙම වංචාව සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත සිදු කල වෝහාරික විගණන වාර්තාවේ සදහන් ඇතැම් සිද්ධින් පිළිබඳව ජනාධිපති නීතිඥ උපුල් ජයසුරිය මහතා දීර්ඝ වශයෙන් කරුණු දැක්වු අතර ඒවා අධිකරණයේ නිරීක්ෂණයට ලක් විය.

මෙම නඩුවේ පළමු සැකකරු වන සම්පත් බැංකුවේ තලාහේන ශාඛාවෙ හිටපු කළමනාකරු මනෝජ් රොද්‍රිගෝ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම සිද්ධියට අදාලව තම සේවාදායකයා අත්අඩංගුවට ගත් රහස් පොලිසිය සම්පත් බැංකුවේ කළමනාකර අධ්‍යක්ෂවරයා අධ්‍යක්ෂ මණ්ඩලය සහ බැංකුවේ අනෙකුත් ඉහළ නිළධාරීන් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි විමසා සිටියේය.

ලෝක රන් සම්මාන ලාභී හෙළ ⁣⁣⁣⁣වෛද්‍යවරයකු වන කැලුම් වීරසිංහ මහතා කරන ලද පැමිණිල්ලක් විමර්ශනයේදී රහස් පොලිසිය විසින් සම්පත් බැංකුවේ මහා පරිමාණ වංචාව පිළිබඳව හෙළිදරව් කරගෙන තිබුණි.

අධිකරණය වෙත ඉදිරිපත් වු කරුණු පිළිබඳව ගත හැකි ඉදිරි පියවර සම්බන්ධයෙන් වාර්තා කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය රහස් පොලිසියට නියෝග කළේය.

අගතියට පත් පාර්ශවය විසින් අධිකරණය වෙත දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් සදහන් කළ වාර්තාව පහත දැක්වෙයි.

සම්පත් බැංකුවේ මේවන විට කළමනාකාර අධ්‍යක්ෂ ධූරය දරනු ලබන්නේ නන්ද ප්‍රනාන්දු මහතාය.

සම්පත් බැංකුවේ වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය මෙසේය
මලික් රණසිංහ (සභාපති), නන්ද ප්‍රනාන්දු (කළමනාකාර අධ්‍යක්ෂ), සන්ජීව් සේනානායක, ධාරා විජේතිලක, අනිකා සේනානායක, රනිල් පතිරණ, රුෂන්ක සිල්වා, දිලිප් ද එස්. විජේරත්න, අරෝෂි නානායක්කාර, සංජීව වීරවර්ණ, ලසන්ත සේනාරත්න (සමාගම් කළමනාකරු), මුදිත වල්පොල (සමාගම් නියෝජ්‍ය ලේකම්)
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka