gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

එන පොට හොද නෑ.. සජිත්ගේ ‘හාරත’ පක්‍ෂයේ ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් හරීන් ඉල්ලයි !

දිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තමනට සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඉල්ලීමක් කර ඇත.

එම මැතිවරණයේදී තම පාර්ශ්වයට එල්ලවන චෝදනා වලට වහා පිළිතුරු දීම සඳහා නිදහසේ කටයුතු කිරීම සඳහා මෙම අවස්ථාව අවශ්‍ය යයි ඔහු සදහන් කර ඇත.
එමෙන්ම නව සන්ධානයේ ජාතික සංවිධායක තනතුරද තමන්ට ලබාදෙන ලෙස ඔහු ඉල්ලීමක් කර තිබේ.

කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස මහතාගේ අදහස වී ඇත්තේ හරීන් ප‍්‍රනාන්දු මහතා මැතිවරණයට තරග කළ යුතු බවකි.

නමුත් ඉල්ලීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නැත.

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ගොඩනැගෙන නව සන්ධානයේ ජාතික සංවිධායක ධුරය හිටපු ඇමති චම්පික රණවක මහතාට ලබා දීමේ සූදානමක් ඇතැයි ද වාර්තා පළවිය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka