gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කිරිපිටි යනු කිරි නොවෙයි, රසායනික එකතුවක් - GMOA

ආනයනික කිරිපිටි යනු කිරි නොවන බවත් එය රසායනික සංයෝග කිහිපයක එකතුවක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
මේ පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා පාරිභෝගික සේවා අධිකාරිය විසින් පත් කළ විද්වත් කමිටු වාර්තාව මේ වන විට පාර්ලිමේන්තුවේ සභාගත කර තිබේ.

ආනයනික කිරි පිටි යනු සෞඛ්‍යමය වශයෙන් අධි අවදානම් කාණ්ඩයේ ආහාරයක් බවද  සෞඛ්‍ය අමාත්‍යාංශය ද පිළිගෙන ඇති අතර දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග ගණනාවක් සඳහා ඉහළ අවදානමක් ආනයනික කිරි පිටි හරහා මතුවන බව විද්වත් කමිටු වාර්තාව පෙන්වා දෙන බව සංගමයේ ලේකම් හරිත අලූත්ගේ මහතා පවසයි.

ආනයනික කිරි පිටි සමාගම්වල වෙබ් අඩවි පරිශීලනය කිරීමේදී ඔවුන් ප‍්‍රකාශයට පත් කර ඇත්තේ ශ‍්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල අඩු මිලදී ගැනීමේ හැකියාවක් සහිත ජනතාවට අඩු මිලට කිරි පිටි ලබා දීමට අවශ්‍ය වන බැවින් ඒ සඳහා තම කිරි පිටි නිෂ්පාදනවලට පිටතින් ෆාම් තෙල් එකතු කරනා බවද විද්වත් කමිටුවත් ඒ බව තහවුරු කර පෙන්වා දෙන බවද හෙතෙම කීය.

ෆාම් තෙල් පිළිකා රෝග ගණනාවට හේතුවයි

ශ‍්‍රී ලංකාව තුළ දැනට අලෙවි කරන ආනයනික කිරිපිටි වර්ග ගණනාවක පැකට්ටුවේ, ඒවාට පිටතින් ෆාම් තෙල්, එළවළු තෙල්, මාළු තෙල්, පොල් තෙල්, සූරිය කාන්ත තෙල්, සෝයා තෙල්, බඩඉරිගු සාරය අඩංගු කර ඇති බව සඳහන්ය. විශේෂයෙන්ම ආනයනික ළදරු කිරි පිටි පැකට්ටු වල මෙය පැහැදිලිව සඳහන් කර ඇති බව විද්වත් කමිටුව පෙන්වා දෙන බවද අලූත්ගේ මහතා කීය.

ෆාම් තෙල්, පිළිකා ඇතුළු බෝ නොවන රෝග ගණනාවක් සඳහා ප‍්‍රධාන හේතු කාරකයක් විය හැකි බව, විද්‍යාත්මක පර්යේෂණ හරහා පෙන්නුම් කරන බව කමිටුව වාර්තා කරයි.

පාරිභෝගික සේවා අධිකාරිය සමග ඒකාබද්ධවද දිවයින පුරා ආනයනික කිරි පිටි උවදුරු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka