gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිවරණයේදී වූ වරද මුස්ලිම්වරු දැන් තේරුම් අරන්.. මහ මැතිවරණයේදී විශාල වශයෙන් පොහොට්ටුවට ඡන්දය දෙනවා - දිලුම් අමුණුගම

තිහාසයේ නොවූ ආකාරයට මහනුවර දිස්ත්‍රික්කයේ මුස්ලිම්වරුන්ගේ දැඩි සහයෝගය ඇතිව ඉදිරි මැතිවරණයෙන් පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කරනවා ස්ථීර බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මහනුවර දිස්ත්‍රික් හාරිස්පත්තුව 2 බලමණ්ඩලය රැස්වීමට සහභාගි වෙමින් ය.
ඔහු තවදුරටත් මෙසේ අදහස් දැක්වූවේ ය;

පසුගිය ජනාධිපතිවරණයේදී සිදු වූ වැරැද්ද මුස්ලිම්වරු පිළිගනිති.එම නිසා එම වැරැද්ද නිවැරදි කරගැනීම සදහා මහනුවර දිස්ත්‍රික්කයෙන් බහුතරයක් මුස්ලිම්වරු පොහොට්ටුව උදෙසා තමන්ගේ සහයෝගය පළ කරනු ඇතයි ද විශේෂයෙන් මහනුවර දිස්ත්‍රික් අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී ඇති ප්‍රසිද්ධ,ජ්‍යෙෂ්ඨ මුස්ලිම් අපේක්ෂක වන ෆාරිස් මහතා ජයග්‍රහණය කරනු ඇතැයි ද අමාත්‍ය වරයා පැවසුවේ ය.

ඒ වගේම මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුවෙන් ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 25,000 කට වඩා වැඩි මනාපයෙන් ජයග්‍රහණය කරන බව ද ඔහු පැවසීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න යන දේශපාලන නායකයින් සහ අනෙකුත් නිලධාරීන් ද පැමිණි සිටියෝය.

මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින ගරු ඒ.එල්.එමි.ෆාරිස් මහතා ද විශේෂ  සමිබන්ධ වී සිටියේය.

– Hameem Mohammed


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka