gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමැති චන්ද්‍රසේන අල්ලපු වත්තේ රක්ෂිතයත් සුද්ද කරයි

නුරාධපුර ඔරුගල් යාය රක්ෂිතයේ අක්කර 200ක පමණ වන භූමියේ හරි අඩක් එනම් අක්කර 100ක් පමණ මේ වන විට එළිපෙහෙළි කර තිබේ.

ඒ පුද්ගලයින්ට බෙදා දීම සඳහාය.

වන අලීන් ගම් වැදීම නතර කිරීම සඳහා ජනාවාස ඇති කිරීමේ අවශ්‍යතාවය යන පදනම මත පරිසර අමාත්‍යංශ බලධාරීන් මෙම තීන්දුව ගෙන තිබේ.
ඊට විෂයභාර අමාත්‍ය චන්ද්‍රසේන මහතාගේ අනුමැතියද ලැබී තිබේ. මේ වන විට රක්ෂිතයේ වටිනා ගස් මෙන්ම බෙහෙත් ශාඛද කපා දමා තිබේ. ගල් කොරි පවත්වාගෙන යාම හා නිදන් හැරීමේ කටයුතු මෙහි සිදුවන බවද වාර්තා වේ.

ඔරුගල යාය රක්ෂිතය පිහිටා තිබෙන්නේ එස්.එම්.චන්ද්‍රසේන මහතා නියෝජනය කරන අනුරාධපුර දිස්ත්‍රික්කය ආසන්නයේමය. එළිපෙහෙළි කරන ලද රක්ෂිතයේ ඉඩකඩම් ඔවුන්ගේ ගෝලබාලයින්ට බෙදා දෙන බවට පරිසරවේදීන් සැක පළ කරයි.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමට සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමි අදාළ රක්ෂිතයට පසුගියදා යන ලදී.

am.lk


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka