gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පම්පෝරි ගැහුවා විතරයි. මේ ආණ්ඩුව කීයටවත් අර්ජුන මහේන්ද්‍රන්ව අල්ලන්නෙ නෑ - ෆොන්සේකා

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාව අත් අඩංගුවට ගන්නා බව පවසමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව මාසයක් තුළ අර්ජුන් ඇලෝශියස්ට එරෙහි විදෙස් ගමන් තහනමත් ඉවත් කළ බවත් ඒ අනුව ආණ්ඩුව මේ වනවිට ක්‍රියාත්මක වෙමින් සිටින්නේ බැඳුම්කර වංචාව යටගැසීම සඳහා බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

"අපේ ආණ්ඩුව මාරු කළේ ඉතාම සුළු සුළු දේවල්වලට. වැඩිම තිබුණු චෝදනාව තමයි බැඳුම්කර ප්‍රශ්නය. නමුත් දැන් ඔප්පු වෙලා තියෙනවා ඒවගේ 600 ගුණයක් බැඳුම්කර නිවාඩ් කබ්‍රාල් නිකුත් කරලා තියෙනවා කියලා. නිවාඩ් කබ්‍රාල් කෙට්ටුවට හිටියට බරපතළ වැඩ කරලා තියෙනවා. කෑම හොඳට කාලා බීලා ඉඳලා තියෙනවා. බිලියන 10ක් අපෙ ආණ්ඩුවෙන් ප්‍රශ්නයක් එනකොට බිලියන 6000ක් රාජපක්ෂ ආණ්ඩු සමයේදී ඒ ආකාරයෙන්ම නිකුත් කරලා තියෙනවා.

අර්ජුන මහේන්ද්‍රන් අල්ලන්න කියලා අපි අභියෝග කරනවා. අනිවාර්යයෙන්ම අල්ලන්නෙ නෑ. අර්ජුන් ඇලෝශියස් කියන්නෙ නාමල් රාජපක්ෂගෙ හොඳම යාළුවෙක්. නාමල් රාජපක්ෂගෙ නොයෙක් මැතිවරණ ව්‍යාපාරවලට උදව් කරපු කෙනෙක්. ඒක හින්දා තමයි අර්ජුන් ඇලෝශියස්ට රටින් පිටවෙන්න බෑ කියලා දාලා තිබ්බ තහනම මේ ආණ්ඩුව ඇවිත් මාසයක් යන්න ඉස්සෙල්ලා ඉවත් වුණා. අනිවාර්යයෙන්ම අර්ජුන් ඇලෝශියසුත් ආපහු මේ රටට එන එකක් නෑ.

ඒ නිසා පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න මේ දෙන්නට නඩු දාලා මේකෙ තීරණයක් තියෙනවා කියලා. මේ ආණ්ඩුවට අපි අභියෝග කරනවා, මේ මාස 4 ඉවර වුණාම කරනවා කරනවා කියන එක හරියන්නෙ නෑ.  ඡන්දෙන් පස්සෙ කරනවා කරනවා කියන කතා අපි විශ්වාස කරන්නෙ නෑ. කරලා පෙන්නන්න. කියපු තරමට නම්, පම්පෝරි ගහපු තරමට නම් මේ වෙනකොට අර්ජුන මහේන්ද්‍රන් ගෝල්ෆේස් එකෙ කකුල් දෙකෙන් එල්ලලා තියෙන්න ඕනෙ. කියපු දේවල් එකක්වත් සිද්ධ වෙන්නෙ නෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ ඊයේ (07) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka