gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

13 වෙනි සංශෝධනය ක‍්‍රියාත්මක කරනු..- ඉන්දීය අගමති මෝදි ප‍්‍රසිද්ධියේ අගමැති මහින්දගේ මුහුණටම කියයි.. [Video]

ශ්‍රී ලංකාව තුළ සමානාත්මතාවය යුක්තිය සාමය සහ ගෞරවය සඳහා දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් ශ්‍රී ලංකා රජය විසින් ඉටු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඉන්දීය අගමැති නරෙන්ද‍්‍ර මෝදි මහතා පැවසීය.

මේ සදහා දහතුන්වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ සංහිඳියාව පිළිබඳ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම අවශ්‍ය වෙන බවද ඔහු සදහන් කරයි.

ඉන්දීය අගමැතිවරයා මේ බව කියා සිටියේ එරට සංචාරයක නිතර වන අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ අද පැවති ද්වි පාර්ශික සාකච්ඡාවලින් පසු පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදීය.

ශ්‍රී ලංකාවේ යාපනය සහ චෙන්නයි අතර සෘජු ගුවන් ගමන් ඇරඹීම නිසා ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ දෙමල ජනතාවට සම්බන්ධතා පවත්වාගෙන යාමට විකල්පයක් වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

මේ සංචාරයෙන් රටවල් දෙක අතර මෛත්‍රිය සහ අන්‍යෝන්‍ය සබඳතාව ශක්තිමත් වනු ඇති බව තම අදහස බවද ඉන්දීය අගමැතිවරයා එහිදී තව දුරටත් පැවසීය.

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka