gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

’බහුතරයට ඉඩ නොදුන්නොත් බලාගමු තවත් කාලය කකා ඉන්න බැහැ - හරීන් තීන්දුවක් ගනී (VIDEO)

පක්ෂයක් ලෙස එකතු වී නිවරදි තීන්දුවක් ගත නොහැකි නම් තවදුරටත් කාලය කා දැමීමෙන් පලක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.
ඔහු මේ බව සඳහන් කළේ අද (16) පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුව දුක් විමසීම සඳහා මැගසින් බන්ධානාගාරයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඒ අනුව අද පස්වරුවේ පැවැත්වෙන තීරණාත්මක කණ්ඩායම් රැස්වීමට තමන් සහභාගී වන්නේ තීන්දුවක් සහිතව බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

තමන් කිසිලෙසකින්වත් රනිල් වික්‍රමසිංහ මහතාව හෝ කරු ජයසූරිය මහතාව ප්‍රතික්ෂේප කර නැති අතර කළ යුත්තේ බහුතර කැමැත්ත මත නිවැරදි තීන්දුවක් ගැනීම බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

මේ අතර ඊයේ (15) දිනයේදී පක්ෂයේ නායකත්වය වෙනස් නොවන බවට වජිර අබේවර්ධන මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ වජිර යනු තමන් මෙන්ම තවත් එක් පුද්ගලයෙක් බවත් ඔහුට එවැනි තීන්දු ගත නොහැකි බවත්ය.

පක්ෂය පුද්ගලයෙකු වටා නොව පාක්ෂිකයන් වටා තිබිය යුතු බවයි හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

 
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka