gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රන්ජන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ පොලීසිය කි‍්‍රයාකළ ආකාරය ගැන වැඩබලන පොලිස්පති වාර්තාවක් කැඳවයි

ක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අවස්ථාවේදී පොලිසිය ක‍්‍රියා කළ ආකාරය පිළිබඳ පරීක්ෂණයක් කර වාර්තාවක් ලබා දෙන ලෙස වැඩබලන පොලිස්පති සි ඩි වික‍්‍රමරත්න නියෝගයක් ලබාදී තිබෙනවා.
ඒ, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙතයි.

රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ දී පොලිසිය නිසි ක‍්‍රමවේදයන් ඔස්සේ කටයුතු කළේ ද යන්න පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසයි වැඩබලන පොලිස්පතිවරයා නියෝග කර ඇත්තේ.

අදාළ අවස්ථාවේ රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයා  විසින් එම ස්ථානයට පැමිණි ප‍්‍රධාන පොලිස් නිලධාරියෙකු සිප වැළඳගත් ආකාරය ද මාධ්‍ය ඔස්සේ අනාවරණ කෙරුණා.

මන්තී‍්‍රවරයාට එලෙස හැසිරීමට ඉඩ දුන් පොලිස් නිලධාරීයාට එරෙහිවද කටයුතු කිරීමට ද පොලිසිය සුදානම් වන බවයි නෙත් නිවුස් වෙත අනාවරණ වුණේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka