gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාර්ලිමේන්තුවේ තනතුරු අහිමිවූ රනිල් වික්‍රමසිංහ

සර 26 ක් පාර්ලිමේන්තුව තුල තනතුරු දැරූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රිධුරයට පමණක් අද (03) සිට සීමාවී තිබෙනවා. ඒ විපක්ෂ නායක ලෙස සජිත් ප්‍රේමදාස ගේ නම කථානායක කරු ජයසුරිය පාර්ලිමේන්තුව තුලදී ප්‍රකාශයට පත් කිරීමත් සමගයි.
1993 වර්ෂයේදී හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ අභාවයෙන් පසුව එවකට අග්‍රාමාත්‍ය ඩි.බි.විජේතුංග ජනාධිපති තනතුරට පත්වූ අතර ඔහු විසින් 1993 වර්ෂයේ මැයි මස 07 වෙනිදා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරට තෝරා පත් කරන ලැබුවා.

1994 වර්ෂයේ පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හමුවේ පරාජය වීමත් සමග පක්ෂය හැර ගොස් සිටි දිවංගත ගාමිණි දිසානායක වැඩි ජන්දෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වූ අතර විපක්ෂ නායකකම ඔහුට හිමිවිය. එම වර්ෂයේම පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකට එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් ගාමිණි දිසානායක මහතා ජිවිතක්ෂයට පත්වූ අතර පසුව එකසත් ජාතික පක්ෂයේ නායකත්වය සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා පත්වුවා.

1999 වර්ෂයේ පැවති ජනාධිපතිවරණයේදී එවකට බලයේ සිටි ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සමග සටනට පිවිසි රනිල් වික්‍රමසිංහ මහතා ඉන් පරාජයට පත්වූ අතර 2000 වර්ෂයේදී පැවති මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය යලිත් වරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පරාජයට පත්විණි.

2001 වර්ෂයේදී සිදුවූ බල අරගලයත් සමග පැවති මහ මැතිවරණයෙන් ආසන 109 ක් දිනා ගනිමින් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවා ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා දෙවන වරට අගමැති තනතුරට පත්විය.

2004 වර්ෂයේදී ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුව පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වූ අතර එතැන් සිට 2015 ජනවාරි මස 08 වෙනිදා පැවති ජනාධිපතිවරණය දක්වා රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක තනතුර හොබවන ලදියි.

2015 වර්ෂයේ ජනවාරි මස 08 වෙනිදා පැවති ජනාධිපතිවරණයෙන් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් කරමින් මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට පත්වූ අතර ඔහු විසින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරට තෝරා පත් කර ගනු ලැබුවා.

2015 වර්ෂයේ අගෝස්තු මාසයේදී පැවති මහ මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ යලිත් වරක් බලයට පත්වූ අතර එහිදී යලිත් වරක් අගමැති තනතුර සඳහා රනිල් වික්‍රමසිංහ මහතා නම් කරනු ලැබුවා. එසේ වුවත් 2018 වර්ෂයේ ඔක්තෝම්බර් මස 26 වෙනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ අගමැතිධුරයෙන් පහකොට අගමැති තනතුර සඳහා මහින්ද රාජපක්ෂ මහතා පත් කරනු ලැබුවා.

එම පත් කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දු කිරීමත් සමග යලිත් වරක් රනිල් වික්‍රමසිංහ මහතාව 2018 වර්ෂයේ දෙසැම්බර් මස 16 වෙනිදා අගමැති තනතුරට පත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සිදුවුවා.

2019 වර්ෂයේ නොවැම්බර් මස 16 වෙනිදා පැවති ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමත් සමග නව ආණ්ඩුවක් පත් කිරීමට ඉඩ දෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එකසත් ජනතා පෙරමුණ ආණ්ඩුවෙන් ඉල්ලා අස්වූවා.

1993 වර්ෂයේ සිට පාර්ලිමේන්තුවේ අගමැති තනතුර සහ විපක්ෂ නායක යන ධුරයන් හෙබවූ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් වශයෙන් පමණක් සිටිනු ලබන්නේ වසර 26 කට පසුව වීම සුවිශේෂී කරුණක්.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka