gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අපි ඉල්ලන්නේ පොහොට්ටුවෙන්.. පුටුවෙන් ඉල්ලා සිරිසේනගෙ හිරකාරයො වෙන්න බෑ… අකමැති උන් වෙනම තරග කරනු - ප්‍රසන්න රණතුංග

දිරි මහ මැතිවරණය පුටුවෙන් හෝ බුලත් කොලයෙන්  තරග කර කාගේවත් සිරකරුවන් වීමට තමන් සුදානම් නැති බව කාර්මික අපනයන , ආයෝජන ප්‍රවර්ධන , සංචාරක ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ පොහොට්ටුවෙන් ඉල්ලීමට අකමැති අයට වෙනම තරග කරන්නැයි පවසා ඉදිරි මහ මැතිවරණය පොහොට්ටුවෙන්ම තරග කලයුතු බවයි.

ඉදිරි මහ මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඒ ඒ ආසන ලබා ගත යුතු ජන්ද ඉලක්ක ලබා දීම සදහා මහර හා වත්තල ආසන වල පළාත් පාලන නියෝජිතයන් සමග අද (01)  පැවති සකච්ජාවක දී   රණතුංග මහතා මේ බව  සදහන් කළේය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා මෙසේද  කීවේය

“පසුගිය පළාත් ගැන මැතිවරණයේදී අපිට මේ වගේම බලපෑමක් ආවා. බුලත් කොලයෙන් එකතු වෙලා තරග කරමු කියලා.හැබැයි මම එදත් විරුද්ධ වුනා.මම එදා කිව්වා එහෙම වුනොත් මම තනිවම හරි පොහොට්ටුවෙන් තරග කරනවා කියලා.එදා අපි බුලත් කොලයෙන් ඉල්ලුවා නම් මේ තරම් මන්ත්‍රී සංඛ්‍යාවක් ලැබෙන්නේ නෑ.ඒ වගේම එහෙම වුනානම් අපිට ඉන්න වෙන්නේ බුලත් කොලේ හිර කාරයෙක් වෙලාබුලත් කොලේ ප්‍රධානියා වුන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ රූකඩ වෙලා තමයි එහෙම වුනානම් අපිට වැඩ කරන්න වෙන්නේ .

අපි පොහොට්ටුව හැදුවේ අමාරුවෙන් . හැබැයි ඒ පොහොට්ටුවට තමයි අද ජනතාව කැමති. ඒ හින්දා ඉදිරි මහ මැතිවරණය අපි පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් වෙන්න ඕන කියලා අපි අපේ පක්ෂ නායකයන්ගෙන් ඉල්ලීම් කරලා තියෙන්නේ . අපේ පක්ෂයේ ඉන්නේ ජනතාවගේ හද ගැස්ම දැනෙන නායකයෝ . ඒ නිසා අපේ ඉල්ලීම ඉටුවන බව අපිට විශ්වාසයි.

2019 අපිට සතුටු වෙන්න පුලුවන් අවුරුද්දක් . 2020 අපිට අභියෝගාත්මක අවුරුද්දක් .අපි මේ අවුරුද්දේ මහ මැතිවරණයකට වගේම පලාත් සභා මැතිවරණයකටත් මුහුණ දිය යුතුයි. මේ මැතිවරණ දෙකෙන්ම අපි විශිෂ්ඨ ජයග්‍රහනයක් ලබන එක ඒකාන්තයි.  පසුගිය ජනාධිපති වරණයේ දී අපි ජන්දය ඉල්ලුවේ මහින්ද මහත්තයා වෙනුවෙන් .  මහින්ද මහත්තයා වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිනවන්න කියලයි අපි කිව්වේ. හැබැයි අපි මේපාර ජන්දය ඉල්ලන්නේ මහින්ද මහත්තයා අගමැති කරන්නයි.

අපි දැන් අලුත් ආණ්ඩුවක් පිහිටුවලා මාසයක් විතර වෙනවා. අපි රටේ ජනතාවට දැනෙන වෙනසක් සිදු කරමින් ඉන්නවා. දැන් එක්සත් ජාතික  පක්ෂය ඇතුලු ආණ්ඩු විරෝධී බලවේග දැන් නැවතත් සුපුරුදු බොරු කීම පටන් අරන්.මම දැක්ක සමහරු රාජිත ඇප මත නිදහස් වුන එකටත් ආණ්ඩුවට චෝදනා කරනවා.ඇත්තටම පසුගිය ආණ්ඩුව කලේ නීතිය නමලා තමන්ට ඕන දේ .අපි එහෙම කරන්නේ නෑ.අපි නීතියට බලපෑම් කරන්නේ නෑ.බන්ධනාගාරගතවූ සිරකරුවෙක් පෞද්ගලික රෝහලක තියන්න බෑ.මේ සිද්ධියේදී බන්ධනාගාර කොමසාරිස්වරයා පක්ෂග්‍රාහීව කටයුතු කල තිබෙනවා.ඒ වගේම පෞද්ගලික රෝහල් වෛද්‍යවරුන් කටයුතු කල ආකාරයත් සැක සහිතයි.මේ ගැන වහාම විමර්ශණ ආරම්භ කල යුතුයි.

අලුත් ආණ්ඩුවට වැඩ කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් නෙමේ තියෙන්නේ . මේ පාර්ලිමේන්තුව නීත්‍යාකූලව ජනාධිපතිවරණය විසුරුවන්න පුලුවන් වෙන්නේ පෙබරවාරි මාසෙ අන්තිමේ දි . ඒ නිසා මේ පාර්ලිමෙන්තුව විසුරුවන්න අවස්ථාව ලැබෙන පලමු පැයේ දී අපි විසුරුවා හැරලා අපි මැතිවරණයකට යනවා.ඒ මැතිවරණයේ දී ගෝඨාභය මහත්තයට වැඩ කරන්න පුලුවන් ආණ්ඩුවක් හදන්න අපි හැමෝම එකතු වෙන්න ඕන.

ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා, හිටපු පළාත් සභා මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන යන මහත්වරුන්ද මෙහීදී අදහස් පල කලහ.

– ප‍්‍රදීප් අනුර කුමාර


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka