gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

STF බුත්තලට පනී - ඇමති කලබල වී නිලධාරීන්ට බාධා කරයි

රිදීමාලියද්ද, හතරේ කණුව රතුපස්කැටිය රක්ෂිත ප්‍රදේශයක නීති විරෝධී ලෙස පවත්වාගෙන යමින් සිටි ගල් කොරියක්, පුපුරණ ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින්  පෙරේදා (31දා) රාත්‍රියේදී වැටලු අවස්ථාවේදී පසුගිය රජයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයකුගෙන් බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ බුත්තල කඳවුරේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇති අතර, මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍යවරයා පොලිස් නිලධාරීන්ට දුරකථන ඇමතුම් කිහිපයක් ලබාගෙන ඇති බවද වාර්තා වේ. තවද වැටලීම සිදුවීමෙන් අනතුරුව එම ස්ථානයට හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂක පොලිස් නිලධාරියකුද පැමිණ තොරතුරු විපරම් කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් මෙම බලපෑම් නොතකා විමර්ශන සිදුකර ගල්කොරියේ කළමනාකරු ලෙස කටයුතු කළ අයකු සමඟ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

මීට අමතරව එහි තිබූ විදුලි ඩෙටනේටර් 20ක්ද, සාමාන්‍ය ඩෙටනේටර් හා පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 135ක්ද, සේවා නූල් මීටර් 570ක් සහ වාහන දෙකක්ද පොලිස් විශේෂ කාර්ය බළකා භාරයට ගෙන තිබේ. සැකකරුවන් තිදෙනා සමඟ අත්අඩංගුවට ගත් එම භාණ්ඩ ඉදිරි විමර්ශන කටයුතු සඳහා රිදීමාලියද්ද පොලිසියට භාරදී තිබේ. පොලිස් විශේෂ කාර්යය බළකායේ අණදෙන නිලධාරී ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ සෘජු අධීක්ෂණය මත මෙම වැටලීම් කර ඇත.

මීට මාස කිහිපයකට පෙරද නීති විරෝධී ආකාරයට පවත්වාගෙන යන මෙම ගල්කොරිය පොලිස් විශේෂ කාර්ය බළකායේ බූස්ස කඳවුරේ නිලධාරීන් විසින් වටලා තිබූ අතර එවකට ප්‍රබල අමාත්‍ය ධුරයක් හෙබවූ මෙම දේශපාලනඥයාගේ බලපෑම් මත විමර්ශන කටයුතු අඩපණ වී තිබිණි.

මෙම නීති විරෝධී ගල්කොරිය වැටලු නිලධාරීන්ට එරෙහිව විශේෂ විමර්ශන ඒකකය හරහා විනය පරීක්ෂණයක්ද ආරම්භ කර ඇත.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka