gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපතිගේ රාජාසන කතාව පරාජය කරන්නේ නෑ - කිරිඇල්ල

නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (03 දා) පාර්ලිමේන්තුවේදී පවත්වන නව ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය (රාජාසන කතාව) පිළිබඳව ඡුන්දයක් ඉල්ලීමට හෝ එය පරාජය කිරීමට විපක්ෂය කටයුතු නොකරන බව හිටපු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
නව ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට සිය කටයුතු ගෙන යෑමට කාලයක් අවශ්‍ය බවත්, ජනාධිපතිවරයා පොරොන්දු වු පරිදි සිය ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරනු ඇතැයි විපක්ෂය අපේක්ෂා කරන බවත් හෙතෙම සඳහන් කළේය.

ආණ්ඩුව ජනතාව වෙනුවෙන් ගන්නා සියලූ යහපත් කි‍්‍රයාමාර්ගවලට විපක්ෂය සහාය ලබා දෙන අතර ජනතාවට අයහපතක් සිදුවේ නම් ඒ සියල්ලටම විරෝධය දක්වන බව ද ඒ මහතා කීය.

ජනාධිපතිවරයාගේ රාජාසන කතාවට එරෙහිව විපක්ෂය පාර්ලිමේන්තුවේදී කටයුතු කරන බවට අසත්‍ය ප‍්‍රචාරයක් පැතිර ඇති බවත් එවැන්නකට විපක්ෂය යොමු නොවන බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසීය.

– divaina


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka