gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වැඩේ වැරදුනාම වගකීම පොලීසියට - ආණ්ඩුවත් බබාලා වෙන්න හදනවා (VIDEO)

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම අසාර්ථක වීම නිසා එහි වගකීම දැන් පොලීසිය මත පැටවීමේ උත්සහයක් පෙනෙන්නට ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.
අද (06) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරන ලදී.

ආරක්ෂක ඇමති, ආරක්ෂක රාජ්‍ය ඇමති සහ ආරක්ෂක ලේකම් මේ කිසිම කෙනෙක් නොදැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගත හැකිද යන ප්‍රශ්නය මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේදී ඉදිරිපත් කළේය.

මේ අතර පොලීසිය රන්ජන් රාමනායක මහතාගේ නිල නිවසේ තිබී සොයා ගත් කියන CD වල තිබෙන දේවල් එම තොරතුරු සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇතැමුන් පවසන අතර පොලීසිය සතුව තිබෙන දේවල් පිළිබඳ ඔවුන් දන්නේ කෙසේද යන්න පිළිබඳව ද ප්‍රශ්නයක් මතුවන බවද මන්ත්‍රීවරයා කියාසිටියේය.

කෙසේවෙතත් අවසානයේ දේශපාලන පළිගැනීම් සිදුකර ආණ්ඩුව බබාලා වීමට උත්සහ කරන බවයි රාජකරුණා මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka