gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘ජනපති ගෝඨාභය-අගමැති සජිත්..’ තේමාවෙන් සජිත්ගේ මහ මැතිවරණ ව්‍යාපාරයට ජනාධිපතිගේ පින්තූරයත් යොදාගනී !

දිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ අගමැති අපේක්‍ෂකත්වයෙන් තරග වදින එක්සත් ජාතික පක්ෂය විසින් සිය මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පින්තූරයද යොදා ගැනීමටද සාකච්චා කරමින් සිටී.

ජනාධිපතිවරයා මේ වන තෙක් කිසිදු පක්‍ෂයක සාමාජිකත්වය ගෙන නොතිබීමක් මහ මැතිවරණයෙන් පසුද මෙරට ජනාධිපතිවරයා වෙනස් නොවන නිසා මෙම කටයුත්ත කෙරෙහි අවදානය යොමු කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග වැඩ කිරීමට තමන් කිසිදු අපහසුතාවක් නැති බවත් තමන් දෙදෙනාම කරන වැඩ සමාන බවත් මෑතකදී සජිත් පේ‍්‍රමදාස මහතා විසින් ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කරන ලද්දේ ඒ අනුව යමිනි.

ඉදිරි මහ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේදී ජනාධිපතිවරයා ගේ පින්තූරය සහ සජිත් ප්‍රේමදාස මහතාගේ පින්තූරය භාවිතා කිරීමටද ඔවුන් සාකච්ඡා කරමින් ඇත්තේ ඒ අනුවයි.

කෙසේ වෙතත් මැතිවරණ ව්‍යාපාරය පුරාම එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පින්තුරය භාවිතා කිරීම අවම කිරීමටද ඔවුන් තීන්දු කර තිබේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka