gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මන්ත්‍රීවරයෙකුට තියුනු ආයුධවලින් පහරදීමක්.. කැපුම් තුවාල සහිතව රෝහලේ !

යාපනය පේදුරුතුඩුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට ඊයේ (26) දින පලෙයි කට්ටෙයිකාඩු ප්‍රදේශයේකී කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධ වලින් පහරදීම හේතුවෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා කැපුම් තුවාල සහිතව රෝහල්ගත කල බවට පලෙයි පොලීසිය පවසයි.

පේදුරුතුඩුව ඊ.පී.ඩී.පී. ප්‍රාදේශීය සභා මන්ත්‍රී සෙබමාලෙයි සෙබස්තියන් මහතා පලෙයි කට්ටෙයිකාඩු ප්‍රදේශයේ ගමන්කරන අවස්ථාවේදී නාදුනන පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදී පලා ගොස් ඇති අතර එහිදී කැපුම් තුවාල ලැබූ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයා කිලිනොච්චිය මහා රෝහලට ඇතුලත් කොට ඇත.

අදාල පහර දීම සිදුකල පිරිස් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර පෞද්ගලික හේතුවක් මත සිදු කල පහරදීමක් බවට සැක පල කරන බවටත් අදාල පිරිස් සොයා පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද පලෙයි පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka