gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සුදත්ත හිමි මහින්දට දේශපාලනයෙන් සමුගන්න කිවුවේ කවුද කියූ බොරු තොරතුරු මතලු..

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදීමේ සිදුවීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කිසිදු සම්බන්ධයක් නැති බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ සඳහන් කරති.
තමන් දින කිහිපයකට පෙර එවන් ප්‍රකාශයක් කරනු ලද්දේ තමන්ට ලද අසත්‍ය තොරතුරු මත බවද උන්වහන්සේ සඳහන් කළහ.

කෙසේ වෙතත් නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන සම්බන්ධයෙන් යම් බරපතළ ගැටලු ඇති බවද උන්වහන්සේ මාධ්‍ය හමුවක් අමතමින් පැවසූහ.

මහින්ද රාජපක්ෂ මහතා යනු තිස් වසරක යුද්ධයක් අවසන් කළ ප්‍රතාපවත් නායකයෙක් බවත් මෙරට සංවර්ධනයේ නියමුවෙකු බවත් උන්වහන්සේ සඳහන් කළහ.

අගමැතිධුරයට මේ මොහොතේ වඩාත්ම සුදුසු පුද්ගලයා මහින්ද රාජපක්ෂ මහතා බවත් කී උන්වහන්සේ මැලේසියාවේ මහතීර් මොහොමඩ් මෙන් ශ්‍රී ලංකාවේ ද මහින්ද රාජපක්ෂ මහතා සැලකිය යුතු බවද කියා සිටියහ.

මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදීම සම්බන්ධයෙන් දුන්නේ යැයි ද මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට චෝදනා කරමින් උන්වහන්සේ පසුගියදා කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා දැන් දේශපාලනයෙන් සමු ගත යුතු බවත් ඔහු ඩීල් දේශපාලනයක යෙදෙන බවත්ය.

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka