gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දිනේෂ්ට සභා නායකත්වය-ජොන්ස්ටන්ට ප්‍රධාන සංවිධායක ධූරය

මීලඟ පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හෙට දිනයේදි පත් කිරීමට නියමිතව ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.



මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රෙය්දී පැවැත් වුණි.

මේ අතර අට වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම හෙට(03) පෙ.ව 10.00 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

පෙ.ව 09 .00 ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීමත් සමඟ උත්සවයේ කටයුතු ආරම්භ වන අතර, එහිදී  පළමුවෙන්  පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සම්ප්‍රාප්තිය සිදු වීමට නියමිතයි.

අනතුරුව කථානායක කරූ ජයසූරිය මහතාගේ පැමිණීමෙන් පසු,  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම  සිදු වන අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සිදු වන්නේ ඉන් අනතුරුව‍ය.

එහි දී කථානායක කරූ ජයසූරිය මහතා හා පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා විසින් පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමට නියමිත අතර, ජනාධිපති ධජය උඩුකුඹූ කිරීම ඒ සමගම සිදුවේ.

පාර්ලිමේන්තු මන්දිරයේ ප්‍රධාන ප්‍රවේශ ද්වාරය අසලදී ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයේ සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කිරීම සිදු කරනු ලැබේ.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභා ගර්භය වෙත කැදවාගෙන යාම පෙ.ව 10.00ට සිදු කෙරේ.

එහිදී නියෝජ්‍ය වේත්‍රධාරි ඉදිරියෙන්ම ගමන් කරන අතර වේත්‍රධාරිවරයා අනතුරුව ගමන් කරයි.

ජනාධිපතිවරයා ගමන් කරන්නේ ඉන් අනතුරුවය.

කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමා ඇතුළු ලේකම් මණ්ඩලය ඊට පසු පසින් ගමන් කරති.

ජනාධිපතිවරයා මංගල රැස්වීමේ මුලසුන ගැනීමෙන් අනතුරුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) මගින් විධිවිධාන සළසනු ලැබ ඇති පරිදි, නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ද ජනාධිපිතිවරයා විසින් සිදු කෙරේ.
පාර්ලිමේන්තුව ඇමතීමෙන් අනතුරුව ජනාධිපතිතුමා විසින් ප.ව 1.00 ට දක්වා පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුනු ලැබේ.

පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවට විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන්, හිටපු ජනාධිපතිවරුන්, අග්‍රාමාත්‍යවරුන්, අගවිනිසුරුතුමන්, උපරිමාධිකරණ විනිසුරුවරුන් හා නීතිපතිතුමන් ඇතුළු 600 කට අධික ආරාධිත අමුත්තන් පිරිසක් සහභාගි වීමට නියමිත බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka