gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සහල් හිගය තව දුරටත්.. මෝල් හිමියන් කීරි සම්බා විකිණීමට විවිධ උපක්‍රම යොදති.. කිලෝව 150යි..

වෙලදපොලේ මේ දිනවල පවතින දැඩි සහල් හිගයත් සමග සහල් මොල් හිමියන් පාරිභෝගිකයන්ට කිරි සම්බා සහල් අලෙවි කිරිම සදහා විවිධ උපක්‍රම අනුගමනය කරන බව වතුකරයේ තොග සහ සිල්ලර සහල් වෙලදුන් චෝදනා කර සිටියි.

වතුකරයේ පාරිභෝගිකයන්ගෙන් නාඩු සහල් සහ රතු සහල් සදහා විශාල ඉල්ලුමක් ඇති බවත්, කිරි සම්බා සහල් කිලෝවක් වෙලදපොලේ රු 150 ක් වැනි මිලකට අලෙවි වන නිසා කිරි සම්බා සහල් මිල දි ගැනිමට වතුකරයේ පාරිභෝගිකයන් සතුව ආර්ථික පහසුකම් නොමැති බව වතුකරයේ සහල් අලෙවි කරන වෙලදුන් කියා සිටියි.

පවතින සහල් හිගයත් සමග කිරි සම්බා මිල දි ගන්නා ප්‍රමාණයටම සහල් මොල් හිමියන් පාලන මිලට නාඩු සහල් නිකුත් කිරිමට කටයුතු කරමින් සිටින බවත්, එසේ මිල දි ගත් කිරි සම්බා විශාල ප්‍රමාණයක් තම වෙලදසැල් වල ගබඩා කර ඇති බව සහල් වෙලදුන් කියයි.

ප්‍රධාන සහල් මොල් වලින් මේ දිනවල කිරි සම්බා ඉල්ලුමට වඩා සැපයුමක් ලබා දිමටත් , රතු සහල් හිගය තවදුරටත් පවතින බවත්, නාඩු සහල් ඉතා සිමිත ප්‍රමාණයක් සහල් මොල් හිමියන් විසින් වෙලදපොලට නිකුත් කරන නිසා වෙලදසැලේ ව්‍යාපාර කටයුතුද විශාල ලෙස පහල බැස ඇති බව සහල් වෙලදුන් කියා සිටියි.

සහල් මොල් හිමියන් විසින් කිරි සම්බා වි ගොවින්ගෙන් ඉතා අඩු මිලට රැගෙන පවතින සහල් හිගයත් සමග එම වි තොග සහල් කර  වෙලදපොලට නිකුත් කරන බවද  වතුකරයේ තොග සහ සිල්ලර සහල් වෙලදුන් කියා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka