gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනා අවසන් වෙන්න මාස 06 ක් යයි.. – ලෝ ප‍්‍රකට මහාචාර්යවරයෙක් කියයි..

මෙම දිනවල චීනයේ පැතිර යන නව කොරෝනා වෛරස් නිව්මෝනියා වසංගතය නිම වීමට තවත් මාස හයක පමණ කාලයක් ගත වනු ඇතැයි කොරෝනා වෛරස් ආසාදනයන්ට ප‍්‍රතිකාරයක් සොයා ගැනීමේ පර්යේෂණවල නිරතව සිටින ජර්මනියේ ලූබෙක් විශ්වවිiලයේ මහාචාර්ය රොල්ෆ් හිල්ගෙන්ෆෙල්ඞ් පවසයි.

දැනට වසර 18 ක පමණ කාලයක සිට කොරෝනා වෛරස් ආසාදනයන්ට ප‍්‍රතිකාරයක් නිපදවීමේ පර්යේෂණ පවත්වමින් සිටින මහාචාර්ය රොල්ෆ්ට අනුව කොරෝනා වෛරසයක් හේතුවෙන් 2003 වසරේ චීනයෙන් පැතිරීම ආරම්භවූ ‘සාර්ස්’ වසංගතයද පැවතුණේ මාස හයක පමණ කාලයකි.

දැනට බොහෝ දෙනා පිට වීමට තැත් කරන, කොරෝනා වෛරසය නිසා වසා දමා ඇති චීනයේ ‘වූහාන්’ නගරයට කොරෝනා වෛරසයට එරෙහිව නිපදවා ඇති බෙහෙත් සංයෝග දෙකක් රැුගෙන පැමිණ සිටින මෙම ජර්මන් මහාචාර්යවරයා සාර්ස් හා මර්ස් රෝග සඳහා නිපදවා ඇති සංයෝගයන් නව කොරෝනා වෛරසය සඳහා අත්හදා බැලීමට කටයුතු යොදමින් සිටින බව ‘‘ද ස්ටේ‍්‍රට්ස් ටයිම්ස්්’’ පුවත්පත වාර්තා කර තිබේ.

මෙම වෛරස් විරෝධී බෙහෙත් සංයෝග දෙක මීයන් සඳහා අත්හදා බැලීමෙන් සාර්ථක ප‍්‍රතිඵල අත් කර ගෙන ඇති අතර එය ආරක්‍ෂිත බෙහෙතක් බව තහවුරු වූ බව මහාචාර්ය රොල්ෆ් කියයි.

මෙම සංයෝගයන් නව කොරෝනා වෛරසයට වඩා දරුණු ‘‘සාර්ස්’’ හා ‘‘මර්ස්’’ රෝගයන්ට එරෙහිවද සාර්ථකව අත්හදා බලා ඇති බව පෙන්වා දෙන මහාචාර්යවරයා ඉදිරි දෙසතිය තුළ එම සංයෝගයෙන් නව වෛරසය සම්බන්ධව අත්හදා බැලීමට සූදානමින් සිටී.

– divaina
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka