gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුව බෑ.. මීලග මැතිවරණයේ ලකුණු පුටුවයි - ගම්මන්පිල

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය.

අප තීරණය කර තිබෙන්නේ පුටුව ලකුණ යටතේ පුළුල් සංධානයකින් තරග කිරීමට.මහමැතිවරණයට තව බොහෝ කලක් තිබෙන නිසා අවසාන වශයෙන් මෙන්න මේ ලකුණින් තරග කරනවා කියලා ප්‍රතිඥාවක් දෙන්නට අපට බැහැ.
සියලුම පක්ෂ එකට එක්ව තරග කරනවා නම් තරග කරන්නේ පුටුව ලකුණ යටතේ. ඒ පිළිබදව අප ගිවිසුමකට පැමිණ අවසන්.

පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මැතිතුමා ගිවිසුම් ගත වෙලා තියෙනව පුටුව ලකුණින් තරග කරන්නට. සමහ‍ෙවිට ඒ පිළිබඳව පහල සාමාජිකයන් තාම දැනුම්වත් කර නැතුව ඇති. මොකද මම නම් ඇස් දෙකෙන් දැක්කා එතුමා අත්සන් කරනවා. ඒ උත්සවයේ අපේ පක්ෂයේ ලේකම් තුමන් මේ සඳහා අත්සන් කරද්දී එතුමාට පිටුපසින් මා සිටගෙන සිටියා. මට එහා පැත්තෙන් හිටියෙ මහාචාර්ය ජී එල් පීරිස් මැතිතුමා සහ බැසිල් රාජපක්ෂ මැතිතුමා සාගර කාරියවසම් මැතිතුමන් අත්සන් කරද්දී.

ඉතින් මේ නායකයන් පක්ෂ සාමාජිකයන්ව දැනුම්වත් කරන්නට සිදුවෙයි එවැනි එකඟතාවයක සිටින බවට. පක්ෂ නායක මට්ටමින් අප සියලුදෙනාම එකඟ වෙලා සිටින්නේ පුටුව ලකුණෙන් තරග කරන්නට.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක සාමාජිකයන්ට තමන් කැමති අදහසක් කියන්නට පුළුවන්. ඒ පක්ෂයේ දෙවන පෙළ තෙවන පෙල නායකයන් තමන්ගේ ආසාව කියනවා.

එක පැත්තකින් ඔවුන් ගිවිසුම ගැන නොදන්නවා වෙන්නට පුළුවන්. දැනගෙන හිටියත් ඒක තමන්ගෙ ආසාව. තම කැමැත්ත කියන්න කාටවත් බාධාවක් නැහැ. ඒකට කියන්නේ භාෂණයේ නිදහස කියලයි.

– අරවින්ද අතුකෝරල


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka