gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සුදු වෑන් මාධ්‍ය හමුවට ආ දෙදෙනා 27 දක්වා රිමාන්ඩ්

සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් නොවැම්බර් මාසයේදී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සමග මාධ්‍ය හමුවක් පැවැත්වීම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනා මේ මස 27 වෙනිදා දක්වා රක්ෂිත බනධනාගාර ගත කරන ලෙස අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවා.

ඉකුත් සිකුරාදා රාත්‍රියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඇන්තනී ඩග්ලස් ප්‍රනාන්දු සහ අතුල සංජීව මදනායක නැමති මෙම සැකකරුවන් දෙදෙනාව මහර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඉන් පසුව රැඳවුම් නියෝග යටතේ මෙම සැකකරුවන් දෙදෙනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද දිනයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

සුදු වෑන් රථ යොදා ගනිමින් පුද්ගලයින් පැහැර ගැනීම් සහ විවිධ අපරාධ සිදුකිරීමේ සිද්ධි ගණනාවක් සම්බන්ධයෙන් තමන් ද සම්බන්ධ වූ බවට මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් මෙම පුද්ගලයින් දෙදෙනා ප්‍රකාශ කර සිටියා.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka